(9.34 am) වෙන්නප්පුව – කඩවත මුහුදු වෙරළට කිලෝ මීටර් 1 ½ ක් පමණ දියඹේ පා වෙමින් තිබූ ධීවර යාත්රාවක් ප්රදේශයේ ධීවරයින් විසින් වෙරළට ගෙනවිත් ඇත. 18 වැනිදා රාත්රීයේ මෙම ධීවර යාත්රාව හමුවී ඇත. දිගින් අඩි 25 ක් පමණ වන මෙම යාත්රාව ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කරන එකක් බව වෙන්නප්පුවේ ධීවරයින් සදහන් කරයි.මෙම යාත්රාව මාස 03 ක පමණ කාලයක් මුහුදේ පා වෙමින් තිබෙන්නට ඇති බවට විශ්වාස කරන බවද ඔවුන් කියා සිටී.මීට පෙර මාරවිල – තෙඩුවාව වෙරළටද මේ ආකාරයටම ඉන්දීය ධීවර යත්රාවක් ගොඩ ගසා තිබියදී ප්රදේශයේ ධීවරයින් විසින් සොයා ගෙන තිබුණි.
ඡායාරූප – ජූඩ් සමන්ත