Saturday, January 18, 2025

වෙන්නප්පුව ප්‍රා.සභාවේ විඝනන වාර්තා සභාගත නොකීරීම ගැන විපක්ෂයේ විරෝධය

Must read

wenncityimage
(10.45pm) 2020 වර්ෂයේ  පළමුවන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා  රැස්වීම අද(09)  පෙරවරුවේදී පැවැත්විණි.  කාරණා කීපයක් නිසා ද සභාව ඉතාමත් උනුසුම්කාරී වූ බව වාර්තා වේ.  එක් ප්‍රධාන හේතුවක් වන්නේ 2019 වර්ෂයේ මාස කීපයකම සභා වාර්තා දෝෂ සහිතවීමත් ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි වලට ඇහුම්කන් නොදී සභා වාර්තාව දිගින් දිගටම සමහර කරුණු වෙනස් කරමින් සහ වසංගමින් වාර්තාව සකස් කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂය විසින්  සභා වාරවලදී මතුකරන හරස් ප්‍රශ්න, විරෝධතා,සංශෝධන ඒ ආකාරයෙන් සභා වාර්තාවට ඇතුළත් නොවීම  දිගින් දිගටම සිදුවීම හිතාමතා සිදුකරන ලද්දක් බව ජවිපෙ මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා මතුකර ඇත. මෙහිදී විපක්ෂය නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් කිහිදෙනෙකුද මෙයට එකගතාවය දක්වන ලදී.
‍මෙයට පිළිතුරු දුන් ප්‍රාදේශීය  සභාවේ ලේකම්වරයා එම වාර්තා දෝ්ස සහිත බවත් , සමහර කරුණු රහිතව වාර්තා සකස් වූ බවත් පිළිගත් අතර සභාවේ ශබ්ද තැටිගත කිරීමේ පහසුකම් වල අඩුපාඩුවක් ඇති බවත් සදහන් කරන ලදී. කෙසේ වුවත් විපක්ෂයෙන් මතුවූ දැඩි විරෝධය හමුවේ මෙම වැරැද්ද නිවරදි කරන බවට ලේකම් බාරගෙන ඇත. ප්‍රාෙද්ශීය සභා වාර්තාව අසත්‍ය බවටත් පිළිගත නොහැකිබවටත් බහුතර එකගතාවය තිබියදී  එය සම්මත කිරීම සදහා  ජන්දයකට නොයෑමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ජේ්‍ය්ෂඨ මන්ත්‍රිවරු වගබලාගෙන ඇති අතර විරෝධය පමණක් සනිටුහන් කරන ලදී. නීතිය ප්‍රකාරව නම් පසුගිය ප්‍රාෙද්ශීය සබා වාර්තාවක් අසත්‍ය යැයි යෝජනා සම්මත වුවහොත් එම වාර්තාව නිවරදි කිරීමේ විශේෂ සභා වාරයක් ගෙනෙන තුරු සභා කටයුතු ඉදිරියට ගෙන යා නොහැක.

අද වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සබාවේ විපක්ෂ මන්ත්‍රීවරු සිරස මාධ්‍ය ද ගෙන්නාගෙන විරෝධතා පුවරු දිස්කරවමින් විරෝධතාවක් සභා වාරය තුළදී දක්වන ලදී. ඒ ජාතික විගනන කාර්යාලය විසින් සිදුකළ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ 2019 අභ්‍යන්තර විගනන වාර්තාවක් සම්බන්ධවයි. මෙම විගනන විමසුම් වාර්තාවකට අනුව වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින් පවත්වාගෙන යන පෙර පාසල් වලට බදවාගෙන ඇති පෙරපාසල්  ගුරුවරියන් තුන්දෙනෙකුගේ රාජකාරී පැවරීම් සම්බන්ධව පසුගිය සභාවාරයේදී ජවිපෙ මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා ප්‍රශ්න කිරීමක් සිදුකර තිබේ. එමෙන්ම මෙම විගනන වාර්තාවේ තවත් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සබාවේ අකටයුතුකම් කීපයක් ගැන හෙළිදරව් කර ඇති අතර මෙම විගනන වාර්තා සභා ගත නොකර සිටීමට ආන්ඩු පක්ෂය සහ ලේකම් ඇතුලු නිළධාරීන් කටයුතු කිරීම ඉතාමත් අශෝබන ,ජනතා විරෝධී ක්‍රියාවකි. මෙයට විරෝධය දැක්වීමක් ඒ හේතුවෙන් අද ප්‍රා.සභාවේදී ආන්ඩු පක්ෂයත් සමග විවිධ වචන හුවමාරුවීම් වාද විවාද දීර්ඝ වේලාවක් පැවති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article