Tuesday, November 26, 2024

වෙන්නප්පුව ප්‍රදේශයේ ඇල මාර්ගයක මළ සිරුරු දෙකක් ?

Must read

20මිය ගොස්  ඇති පිරිමි අයෙකුගේ සහ කාන්තාවකගේ මල සිරුර දෙකක් ඇල මාර්ගයක තිබී හමුවී තිබේ. මෙම සිරුරු පිලිබදව පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ  11 වැනිදා දහවලදිය.  මිය ගොස් ඇති පුද්ගලයන්ගේ  වයස අවුරුදු 45 – 55 අතර වන බවට පොලීසිය සැක කරයි. දින 03 කට පමණ පෙර මෙම දෙදෙනා මිය ගොස් ඇති බවට සැකකරන බවත් සිරුර හඳුනා ගැනීමට නොහැකි ආකාරයට විකෘති වී ඇති බවත් වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.

පසුගිය දිනවල තිබූ අයහත් කාලගුණය සමග ජලයට වැටී මෙම දෙදෙනා මිය ගියේද?එසේත් නැත්නම් වෙනත් හේතුවක් අනුව මරණය සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.කෙසේ වෙතත් පසුගිය දින කීපය තුළ අතුරුදහන්වී ඇති කිසිවෙකු සම්බන්ධයෙන් තොරතුරක්ද පොලීසියට ලැබී නැත. මෘත  ශරීර දෙක මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article