Saturday, January 18, 2025

විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැවත දැනුම් දෙන තුරු ඇතුළුවීම තහනම්

Must read

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව සහ කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වන එළුවන්කුලම පිවිසුම් දොරටුව නැවත දැනුම් දෙන තුරු දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වසා දමා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය හරහා ගලා යන ජලය ඝන අඩි 6,000 ක් පමණ විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම්-කලා ඔය සපත්තු පාලම හරහා ගලා ගොස් ඇති අතර එමඟින් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඒ අනුව, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවී ඒකකය පවසන්නේ නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹීමට අවස්ථාවක් නොලැබෙන බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article