Saturday, January 18, 2025

විමලරත්න රාළහාමිගේ දරුවන් ගැන බලන්න පොලිස්පති ඊරියගොල්ලට එයි.

Must read

 

igp_eeriyagolla

සිය බිරිදගේ අභාවය සැලවීම හේතුවෙන් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් කේ. ජී. විමලරත්න මහතාගේ දරු තිදෙනාගේ සුවදුක් විමසීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය 28 වැනිදා රාත්‍රියේ කොස්තාපල්වරයාගේ නිවසට පැමිණියේය.

අති දුෂ්කර ගම්මානයක් වන රිදීගම, ඊරියගොල්ල, කිතුල්ගොල්ල ගම්මානයේ පිහිටි විමලරත්න මහතාගේ නිවස වෙත පැමිණි පොලිස්පතිවරයා කොස්තාපල්වරයාගේ මව ඇතුලු පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළකලේය. විමලරත්න මහතාගේ දරු තිදෙනා වෙනුවෙන් පොලිස් සේවා වනිතා ඒකකය හරහා එක් දරුවෙකුට රුපියල් දස දහස බැගින් මාසික දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද පොලිස්පතිවරයා පැවසීය. මෙම දරුවන් තංගල්ල ප්‍රදේශය පිහිටි සිය නිවසට ගෙන ගොස් හදාවඩා ගැනීමේ වගකීම භාරගන්නා බවට විමලරත්න මහතාගේ බිරියගේ ඥාතිවරියක විසින් මෙහිදී පොලිස්පතිවරයා ඉදිරියේ පොරොන්දු විය. මව්පියන් අහිමිවීම අඩුපාඩුවක් ලෙස නොසිතා හොදින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ලෙසටත්, අධ්‍යාපනයට අවශ්‍ය සියලු උදව් උපකාර ලබාදීමට පොලිසිය සූදානම් බවටත් පොලිස්පතිවරයා විසින් මෙහිදී දරු තිදෙනා වෙත සහතික විය. ඔත්පල බිරිදට සියලු ඇප උපස්ථාන සිදුකරමින් වුවත්, සිය රාජකාරියද නිවැරදිව සහ නිසිකලට ඉටුකළ නිලධාරියෙකු ලෙස කොස්තාපල් විමලරත්න මහතා ද මෙහිදී පොලිස්පතිවරයාගේ ඇගයීමට ලක්විය. විමලරත්න මහතාගේ දරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානයක්ද පොලිස්පතිවරයාගේ අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට වයඹ සහ උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සහ කුරුණෑගල දිසාව භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු උසස් නිලධාරිහු පිරිසක්ද එක් වී සිටියහ.

අදාල අවස්ථාවේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article