Sunday, January 19, 2025

විදේශීය නැව් මෙරට ලියාපදිංචි කිරීම නිසා සිය වෘත්තීයට මරු පහරක් එල්ල වී ඇති බව බහුදින යාත්‍රා හිමියෝ පවසයි

Must read

07(5)   05(7)04(3)

විදේශීය නැව් විසින් ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගන්නා මසුන් මෙරටට ගෙනවිත් ප්‍රතිඅපනයනය කිරීමට රජය අවසර ලබා දී තිබීම හේතුවෙන් ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කඩිනමින් ලබා දෙන බව ධීවර හා මිරිදිය මත්ස්‍ය සම්පත් රංජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ හෝටලය පැවති බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ රැස්වීමක් අමතමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ජාත්‍යාන්තර  මුහුදට ගොස් මසුන් මැරීම සදහා මෙරට ලියාපදිංචි බහුදින යාත්‍රා 3500 ක් පමණ තිබෙන බවත්,එම යාත්‍රා වල සහ ආශ්‍රිතව ලක්ෂයකට වැඩි  පිරිසක් ජීවත් වන බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.ජාත්‍යන්තර මුහුදට ගොස් අල්ලා ගෙන එන මාළු බහුතරයක් අපනයනය කිරීම සිදු කරන අතර,සුළු ප්‍රමාණයක් දේශීය වෙළද පොළට එකතු වේ.

නමුත් පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද විදේශීය නැව් මෙරට ලියාපදිංචි කිරීම නිසා තමන්ගේ වෘත්තීයට මරු පහරක් එල්ල වී ඇති බව බහුදින යාත්‍රා හිමිකරුවන් සහ ඒවායේ සේවය කරන ධීවරයින් කියා සිටී.මේ වන විට විදේශීය යාත්‍රා 32 ක් මෙරට ලියාපදිංචි කර ඇති බවත්,එම නැව් වලින් අල්ලා ගෙන එන මසුන් ප්‍රතිඅපනයන කිරීම සිදු කරන බවද බහුදින යාත්‍රා හිමිකවුරන් සදහන් කරයි.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article