Saturday, January 18, 2025

විදේශගත ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීමට අවසර දෙන ලෙස රජයට බලකිරීමේ අත්සන් ව්‍යාපරය හලාවත දී

Must read

DSC_1551කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග විවිධ රටවල රැකියාවන් සදහා ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ ශ්‍රමිකයින් කිසිදු බාධාවකින් තොරව ආපසු මෙරටට ගෙන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කර ඔවුන් මෙරටට ගෙන්වා දෙන ලෙස රජයට බලකිරීමේ  අත්සන් ව්‍යාපාරයට අද හලාවත ජනතාවනගෙන් අත්සන් ලබා ගැනීම අද (01) වනදා සිදුකෙරිණි.

මෙම අත්සන් ව්‍යාපාරය අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය  විසින්   සංවිධානය කරන ලදී.
කෝවිඩ් 19 රෝගි තත්ත්වය මත මේ වන විට මැද පෙරදිග රැකියා සදහා ගොස් සිටින විශාල පිරිසක් රැකියා අහිමිව සමහර රට වල සිය ආහාර වේල සදහා සිගමන් යිදිමින් විථි සරමින් සිටින බවත් සමහරු කෝවිඩ් 19 ට ගොදුරු වි අවාසනාවන්ත ලෙසින් මිය ගොස් ඇති බවත් ඒ අනුව වහාම ඔවුන් කිසිදු කොන්දේසියක් නොමැතිව දිවයිනට ගෙන්වා දෙන ලෙසට මෙම සංවිධානය රජයෙන් ඉල්ලා සිටිති.
කෝවිඩ් 19 වසංගතය යටතේ මෙරටට පැමිණිමේ දි විවිධ අපහසුතාවනට මුහුණ දීමට සිදු වන බැවින් එම බාධක ඉවත් කර තමන් මෙරටට ගෙන්වා දෙන ලෙස අයිතින් දෙසා කාන්තාවෝ සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටිති. මේ ඔවුන් අද ( 1දා) හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානය ඉදිරිපිට සිටිමින් සිය පෙත්සමට අත්සන් ලබා ගත් ආකාරයයි.DSC_1553 (1)

 

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article