Saturday, January 18, 2025

විදුහල්පති පුරප්පාඩු වලට ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ව පත්කරන ලෙස ලංකා විදුහල්පති සංගමය ඉල්ලයි

Must read

 

school1ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් දහසක් පමණ විදුහල් නොමැතිව පාසල් වල උප ගුරුවරුන් ලෙස සේවය කරමින් සිටින විට ඇතැම් පාසල් වල උප ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස වැඩ බැලීමේ පදනම මත සේවය කරමින් සිටින බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

අප කළ විමසුමකදී තව දුරටත් පිළිතුරු දුන් ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

රජයේ පාසල් වලට විදුහල්පතිවරුන් පත් කිරීම සදහා 2019 වර්ෂයේ විභාගයක් පවත්වනු ලැබුවා.මෙම විභාගයට ඒ වන විට පාසල් වල වැඩ බැලීමේ පදනම මත විදුහල්පතිවරුන් ලෙස සේවය කරමින් සිටි අයවළුන් මෙන්ම සුදුසුකම් ඇති උප ගුරුවරුන්ද ඉල්ලුම් කරණු ලැබුවා.ඒ අතරින් 1800 ක පමණ ප්‍රමාණයක් විදුහල්පති ශ්‍රේණිය සදහා උසස් කිරීමට රජය කටයුතු කලා.

මෙසේ ශ්‍රේණිධාරී විදුහල්පති තනතුරට පත්වූ ඇතැම් අයට පාසල් වල විදුහල්පති තනතුරු ලැබුණු අතර,තවත් පිරිසකට නියෝජ්‍ය විදුහල්පති සහ සහකාර විදුහල්පති යන තනතුරු ලබා දීමට රජය කටයුතු කරණු ලැබුවා.

නමුත් අපේ රටේ ඇතැම් පාසල් වල තවමත් සිටින්නේ වැඩ බලන විදුහල්පතිවරුන්.ඔවුන් ගේ පත්වීම උප ගුරු.නමුත් පාසලේ වැඩ බලන විදුහල්පති ලෙස ඔවුන් සේවය කරනවා.ඇතැම් වැඩ බලන විදුහල්පතිවරුන් විවිධ දේශපාලන හිතවත්කම් මත මෙන්ම දෙමව්පියන්ගේ බලය පාවිච්චි කරමින් සිටින බවක්ද දක්නට තිබෙනවා. පසුගිය දින කීපය තුළ ඇතැම් පාසල් වල වැඩ බාර ගැනීම සදහා විදුහල්පතිවරුන් ගිය විට දෙමව්පියන් ඒ සදහා අවස්ථාව ලබා නොදී විරෝධතාවයන් දක්වා තිබෙනවා.දෙමව්පියන්ට හෝ දේශපාලකයින්ට අවශ්‍ය ආකාරයට විදුහල්පතිවරුන් පත් කිරීමට නම් තරග විභාග පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ.

අප සංගමයක් ලෙස පවසා සිටින්නේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ව දැනට පුරප්පාඩු පවතින පාසල් සදහා පත් කරන ලෙසයි.එසේ නොවන්නේ නම් එය නරක පූර්වාදර්ශයක් බවයි අපගේ අදහස වී තිබෙන්නේ.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article