Saturday, January 18, 2025

”විටට වැට”

Must read

bulath
හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයේ තේමාව වනුයේ රාජ්‍ය ආයතන වල ”විටට වැට” යන්නයි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල් ගණනාවක් මෙවර 2019 ජූලි 27 වන දිනට යෙදී ඇති ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනය සැමරීමට එක්වෙයි.

මෙම දිනය අපහට වැදගත් වන්නේ හිස සහ ගෙල ආශ්‍රිතව ප්‍රදාන පිළිකාවක් වන මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව වන නිසාය. ඒ නිමිත්තෙන් මුඛ පිළිකා සෑදීම සදහා මුල් වන අවදානම්
සාධක, එම පිළිකාව කලින් හදුනා ගැනීම සහ එම අවදානම් සාධක වලින් මහජනතාව ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන අදහස් කරගෙන සිටී.

ඒ අනූව රාජ්‍ය ආයතන වල විටට වැට යන තේමාව යටතේ හිස හා ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය සැමරුම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජූලි 25 අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන පිළිකාව වනුයේ මුඛ පිළිකාව බවයි.

පසුව මෙය සෞඛ්‍ය ආයතන වලට පමණක් සීමා නොවී කැබිනට් සංදේශයක් මගින් රාජ්‍ය ආයතන වලද විටට වැට බැදීමට චක්‍රලේඛණයක් අනුමත කරගෙන ඇත. ඒ අනූව අංක 1982/33 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2016/09/01 දින සිට දුම් රහිත දුම් කොළ අඩංගු ද්‍රව්‍ය නිස්පාදනය, ආනයනය, විකිණීම හා විකිණීමට ඉදිරිපත් කිරීමද තහනම් කර ඇති බැවින් සහ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පිරිමි පාර්ශවය අතර බහුලවම පවතින මුඛ පිළිකාව සදහා බලපාන ප්‍රධාන අවදානම් සාධක අඩු කිරීමට පිළියමක් ලෙස බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් පහත පරිදි කටයුතු කළයුතු බවට 2019/03/12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනූව සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ, පුවක් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් වන අතර එම ආයතන වලට අයත් ආපනශාලා වල බුලත්විට, දුම්කොළ, පුවක් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය නැවැත්විය යුතුය. ඉහත විදිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට ද සියලුම ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article