Saturday, January 18, 2025

‘‘වැස්ස දිගටම තිබ්බොත් වහ බොන්න තමයි අපිට සිද්ධවෙන්නේ !’’

Must read

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට මේ දිනවල නොකඩවා ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම කලපුව ආශ්‍රිත ඉස්සන් අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටී ඇතැයි එම කර්මාන්තයේ යෙදෙන ධීවරයෝ මැසිවිලි නගති.

පුත්තලම් කලපු තීරයට අයත් සේවන්තිව්, ආනකුත්තු, ඔඩයාපිටි, ඉඩිඋලුන්දන්ආරු, කත්තාලන්පිටි ඇතුළු තවත් ප්‍රදේශ රැසක සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදෙමින් දිවි රැකගන්නා සුළුපන්න ධීවරයින් බොහෝ පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

ඉස්සන් අස්වැන්න අඩුවීමට හේතුව ලෙස ධීවරයින් පෙන්වා දෙන්නේ ගිගුරුම් සහිත වැසි සහ අකුණු හේතුවෙන් වෙරළ ආශ්‍රිතව සිටින ඉස්සන් ගැඹුරු දියට ඇදෙන බවත්, සුළුපන්න ධීවර යාත්‍රා යොදාගනිමින් එම ඉස්සන් අල්ලාගැනීමට ගමන් කිරීම අපහසු බවත්ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සේවන්තිව් ධීවර ගම්මානයේ පදිංචි කේ.මහාලිංගම් මහතා පවසා සිටියේ මෙවැන්නකි.issao3
”අපි උපන් දා ඉදලා මේ ගම්මානෙ පදිංචි කට්ටිය. අපිට පුරුදු රස්සාව ධීවර රස්සාව විතරයි. මේ රස්සාවේ විශේෂත්වය තමයි අද ලක්ෂයක් හෙව්වොත් හෙට ශතයක්වත් නැතුව අපි වෙරළට එන්න වෙන්න පුඵවන්. හරියට කියනවා නම් ලොතරැයි දිනුම් වැටෙනවා වගේ තමයි. මේ දවස්වල මෙහෙට දිගටම වහින නිසා දැන් සති දෙක තුනක ඉදලා අපේ රස්සාව හොදටම අඩු වෙලා. අපි ඉස්සර රස්සාවට ගිහාම අඩුම ගානේ ඉස්සො කිලෝ පහක්වත් නැතුව ආපහු එන්නෑ. හැබැයි ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. මොකද හැන්දෑවේ හයේ ඉදලා එළිවෙනකල් මැරිලා මැරිලත් ඉස්සන් ග්‍රෑම් පන්සීයක් අල්ලා ගන්නේ බොහොම අමාරුවෙන්. හේතුව තමයි අකුණු ගහන කාලෙට ඉස්සා ගැඹුරු දියට ගිහිල්ලා හැංගෙනවා. ඉතිං අපි සාම්ප්‍රදායික ආම්පන්න වලින් රස්සාව කරන කට්ටිය නිසා ඒ ඉස්සො අල්ලන්න යන්න අපිට අමාරුයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ධීවර කාන්තාවක් වන රාජේස්වරි මහත්මිය මෙලෙස අදහස් අදහස් දැක්වූවාය.issao5
”ඉස්සර අපේ මහත්තයා රස්සාවට ගියාම වෙරළට එනකන් අපිට ඉවසිල්ලක් නෑ. මොකද ඒ කාලේ හොද අස්වැන්නක් අරන් එනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ පහුගිය සති දෙක තුනක ඉදලා මහත්තයා හිස් අතින් තමයි ගෙදර එන්නේ. අපි කියලා ලොකු ආදායම් ලබන අය නෙවෙයි. අපි ජීවත් වෙන්නෙ මේ කලපුවෙන්. කලපුවත් අපිට හරහට හිටියාම අපි කොහොමද ජීවත් වෙන්නෙ ? කනේ කරේ එව්වා උකස් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා තියෙන්නේ. දැල් හදලා එළිවෙනකම් නිදිමැරුවට කිසි ප්‍රයෝජනයක් නෑ. අපේ ළමයි ඉස්කෝලෙ යවන්නේ, බෙහෙත් හේත් ගන්නෙ මේ සේරම කරන්නෙ කලපුව නිසා. ඒකත් අද අපිට අහිමි වී ගෙන යන ලකුණු තමයි පෙන්න තියෙන්නේ. මේ

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ටී. වසන්දන් මහතා මෙසේ පැවසීය.issao4
” මම කුඩා කාලේ ඉදලා ධිවර රස්සාව කරන්නෙ. හැබැයි කවදාවත් මම දැකලා නෑ මේ වගේ ඉස්සන්ගෙ අඩුවීමක්. මේ සැරේ පුදුම විදියට ඉස්සො අඩුවෙලා තියෙන්නේ. දැන් සති දෙක තුනක ඉදලා අපිට ජීවත් වෙන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මේ රක්ෂාව කරලා අපිට ඔළුව ගහන්න බැරි තත්ත්වයක් තමයි ඉදිරියට එන්නෙ. වෙනදා හැන්දෑවේ හයට කලපු ගියාම පාන්දර දෙක තුන වෙද්දි එලන දැලෙන් එකක් ඉස්සො අහුවෙලා ඉන්නවා. දැන් හැන්දෑවේ හයේ ඉදලා පහුවදා හැන්දෑව වෙනකම් දැලක් එලලා තිබුනත් එක ඉස්සෙක් ආසාවට දැලට අහුවෙන්නෙ නෑ. මේ විදියට දිගටම වැස්සොත් කලපුවෙ ඉන්න ඉස්සො සේරම ගැඹුරට යනවා. මේක අපිට ලොකු ගැටළුවක්. ඒ විතරක් නෙවෙයි ඉස්සො අස්වැන්න අඩුවෙන්න තවත් හේතුවක් තමයි ඉස්සෝ ෆාම් වලින් කලපුවට ජරා වතුර යවන එක. ”

මුඵ පුත්තලම් කලපු තීරයෙන්ම මේ වන විට ඇසෙමින් ඇත්තේ මෙවැනි දුක්ගැනවිලි සහ අදෝනාය. වැස්ස, නියගය වැනි සොබාදම් ක්‍රියාකාරකම් යනු මිනිසුන්ට පාලනය කළ හැකි ඒවා නොවේ. නමුත් අනාරාධිවම සිදුකෙරෙන සොබාදහම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විදගැනීමට මනුෂයින්ට සිදු වී .තිබේ. ඉස්සන් කර්මාන්තයෙන් එදාබවේල සරිකර ගත් පුත්තලම් කලපු තීර‍යේ ධීවරයින්ද අද වන විට අත් වී ඇත්තේ එම ඉරණමය. තමන් මෙම කණගාටුදායක ඉරණමෙන් ගලවාගත හැකි වන්නේද සොබාදහමටම පමණක් බව දත් පුත්තලම් කලපුවේ ධීවරයෝ වැසි පායා අව් රැල්ලක් කලපුව වෙත වැටෙන තුරු නෙත් අයා බලා සිටිති.

සටහන සහ ඡායාරූප
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / වනාතවිල්ලුව තිලක්ෂි කෞෂල්‍යා

ඉස්සන් අස්වැන්න නෙලීමට යන ධීවරයෙක් issao2
අස්වැන්න නොමැතිව හිස් අතින් පැමිණ ඇති ධීවර ඔරුissao1
රැයක් නිදි වරා ලබා ගත් සොච්චම් ඉස්සන් අස්වැන්නisso7
ඉස්සන් නොමැති දැල් පරීක්ෂා කරන රාජේස්වරීලාisso6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article