Saturday, January 18, 2025

වැවට මුවාවී සිදුකළ නිකවැරටියේ පස් ඡාවාරම (වීඩියෝ)

Must read

4 (10.05 am) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිකවැරටිය ගොවිපළට අයත් දෙවන බෙදුමේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා කපා ගොඩගැසූ  පස් ඉවත් කිරීමේ අවසර පත්‍රයක් අවභාවිතා කරමින් නැවතත් පස් කියුබ් 4000ක් පමණ එම ස්ථානයෙන් කපා ප්‍රවාහනය කිරිමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ ටිපර් 18ක්  භූ විද්‍යා සමීක්ෂන සහ පතල් කාර්්‍යාංශයේ වැටලීම් අංශය විසින් 2021.01.04 දින  අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ස්ථානය නිකවැරටිය පොලිස් බලප්‍රෙද්ශය තුළ පිහිටා තිබේ.  නිකවැරටිය වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා ලබාදී ඇති නීත්‍යානුකූල බලපත්‍රය ලබාදී ඇත්තේ වැවේ ප්‍රතිසංස්කරණය සදහා අවශ්‍ය ප්‍රමාණයට පස් කපා ඉවත් කිරීමට වන අතර බලපත්‍ර යේ අනුමත කාල සීමාව තුළ ප්‍රවාහනය කිරීමට හැකි උපරිම පස් ප්‍රමාණය කියුබ් 1000ක් පමණි.  එසේ තිබියදී නිකවැරටිය ගොවිපළට අයත් මෙම වැවෙන් නැවතත්  පස් කපා පිටට විකිනීමේ ඡාවාරමක් සිදුවෙමින් තිබේ. මෙම ඡාවාරම  ජාතික පශු සම්පත් මණ්ඩලයේ  නිකවැරටිය ගොවිපළේ  කළමණාකරුගේ අනුදැනුම නොමැතිව සිදුවිය නොහැකි අතර මෙම පස් ඉවත්කිරීමට ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් ගෙවීමක්ද සිදුකරනු ලබයි. මේ ආකාරයට නීති විරෝධී ලෙස මෙම ස්ථානයෙන් ඉවත් කරන ලද පස් ටිපර් රථ නිකවැරටිය ගොවිපොළ ආසන්නයේම ඇති පොලිස් මුරපොළ විසින් පරීක්ෂාවකට ලක්කර ඇති බවක් නොපෙනේ. එසේ පරීක්ෂා කළා නම්  පොලිස් නිලධාරීන් විසින් මෙම පස් ප්‍රවාහනය කරන්නන්  විසින් භාවිතා කළ  හොර බලපත්‍රවල අවසානයේ  අත්සන් තැබීම සිදුකළ යුතුය. නමුත් වැටලීමේ දී සිදුකළ පරීක්ෂාවේදි එම බලපත්‍ර වල එසේ අත්සන් තබා නොතිබූ අතර නිකවැරටිය ගොවිපළේ වැවේ පස් ඉවත්කිරීමට සදහා වෙනත් ප්‍රදේශ වල පස් ප්‍රවානයට අයත් බලපත්‍ර යොදාගෙන තිබුණි. මෙම වැටලීම සදහා භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාර්්‍යාංශය සමග කුරුණෑගල විශේෂ පොලිස් කාර්්‍ය සාධක නිලධාරින් සහ ස්ථානාධිපතිවරයාද එක්වූහ. අත්අඩංගුවට ගන්නා ලද ටිපර් රථ 18 ක් සහ බැකෝ යන්ත්‍රය නිකවැරටිය පොලීසිය වෙත බාරදී ඇත.

 

ලියවිලි1ලියවිලි2ලියවිලි3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article