Saturday, January 18, 2025

“වැදගත් විදිහට තිබුණු ත‍්‍රීවිල් පාර්ක්වලට දේශපාලනඥයෝ රිංගලා කාලා දැම්මා.”

Must read

nimal chandrasir de silva - Copyකුරුණෑගල නගරයේ ඇති අනවසර ත‍්‍රිරෝද රථ නැවැතුම්පොළවල් ඉවත්කරන්නේ නම් එක් නැවැතුම්පොළක් පමණක් ඉවත් නොකර සියඵම අනවසර නැවතුම්පොළවල් නගරයෙන් ඉවත් කරන්නැයිද කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා පැවැසීය.

ත‍්‍රිරෝද රථ නැවැතුම්පොළවල් ඉවත්කිරීමට පොලිසියට කිසිදු බලයක් නැති බවත්, ඒ පිලිබද සියඵ බලතල ඇත්තේ ඇත්තේ මහනගර සභාවට බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව පැවැසුවේ ලබන 15 වැනිදායින් මන්ත‍්‍රීවරුන්ගේ ධූර කාලය අවසන්වීමට නියමිත කුරුණෑගල මහනගර සභාවේ අවසන් මහ සභා රැස්වීමට පසුගියදා සිකුරාදා සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා මෙසේද පැවැසීය.

”මේ ඊයේ පෙරේදා කුරුණැගල නගරයේ තිබුණු ත‍්‍රීවිල් පාක් දෙකක් හදිස්සියෙම අයින් කරලා. ඇයි මේ ? මේව කාගේ උවමනාවට වෙන දේවල්ද ? පොලිසියේ උවමනාවටද ? එහෙම නැත්නම් මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවාද ? අනවසරයි කියලා ත‍්‍රීවිල් පාක් දෙකක් විතරක් අයන් කරන්නේ ඇයි ? එහෙනම් අනිත් ඒවත් අයින් කරන්න. මම බය නැතිව කියනවා මගේ පාලන කාලයේදී කුරුණෑගල නගරයේ ත‍්‍රිරෝද රථ නැවැතුම්පොළවල් සම්බන්ධයෙන් පාලනයක් තිබුණා. ඒ කාලේදී තමයි කුරුණෑගල නගරයේ ත‍්‍රිරෝද රථ නැවැතුම්පොළවල් ටික තීරණය කරලා ඒවා ගැසට් කරන්න කටයුතු කළේ. එහෙම කරද්දී ත‍්‍රිරෝද රථ රියදුරෝ මට විරුද්ධව පිකට් කළා. පෙළපාලි ගියා. නමුත් ගැසට් කරපු පාක්වලින් පිට ත‍්‍රිරෝද රථ නවත්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ වගේ වැදගත් විදිහට හදලා තිබුණු ත‍්‍රීවිල පාර්ක්වලට එක එක දේශපාලනඥයෝ රිංගලා තමයි මේක විනාශ කරලා දැම්මේ.

අනික මේ පාක්වල ඉන්නේ කුරුණෑගල නගරේ අය නෙවෙයි. වැල්ලව, රිදීගම, දොඩම්ගස්ලන්ද, කුලියාපිටිය, නාවලපිටියේ අයත් කුරුණෑගල පාර්ක්වල ත‍්‍රීවිල් තියාගෙන ඉන්නවා. මේ අවස්ථාව අඩුම තරමේ කුරුණෑගල මහනගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදංචිය තියෙන, නගර සභාවට බදු ගෙවන මිනිස්සුන්ටවත් දෙනවා නම් තව කමක් නෑ.

මම කියන්නේ මේ අනවසර ත‍්‍රීරෝද රථ නැවැතුම්පොළවල් අයින් කරනවා නම් ඔක්කොම අයින් කරන්න. කාගේවත් එක්ක තියෙන පුද්ගලික තරහවල් පිරිමහන්න ත‍්‍රිවීල් පාක් එකක් දෙකක් විතරක් අයන් කරන්න එපා. එහෙම බැරි නම් ඒ අයින් කරපු ත‍්‍රීවිල් පාක් දෙකට එහෙම තියෙන්න දෙන්න. ඒ රියදුරන්ට විතරක් අසාධාරණයක් කරන්න එපා. නගරයේ තියෙන ත‍්‍රීවිල් පාක් අයින් කරන්න ඞී අයි ජීටවත්, එස් එස් පීටවත්, ඒ එස් පීටවත් බලයක් නෑ. ඒ පිළිබද සියඵ බලතල තියෙන්නේ නගරාධිපතිවරයාටයි. නගර සභාවෙන් තමයි තීරණය කරන්නේ නගරයේ ත‍්‍රීවිල් නවත්වන්නේ කොතැනද,  වාහන නවත්වන්නේ කොතැනද කියලා. ” යැයි පැවසීය.

විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්න මහතා – කුරුණෑගල නගරයේ අනවසර ත‍්‍රීවිල් පාර්ක් ගණනාවක් අද වෙනකොට තියෙනවා. මම නම් කියන්නේ ඔක්කෝම බැරි වුණත් ඒවායින් එකක් දෙකක් හරි අයින් වුණු එක හොදයි.

නාගරික මන්ත‍්‍රී තුෂාර සංජීව මහතා- මම ඉතාමත් වගකීමෙන් මේ ප‍්‍රකාශය කරන්නේ. කුරුණෑගල එජාප සංවිධායක අශෝක් අබේසිංහ මහත්තයාගේ පිරිසක් මේ ත‍්‍රීවිල් පාක් එකට දාගන්න උත්සහා කරලා තියෙනවා. ඒක මේ පාර්ක් එකේ ඉන්න අය විසින් ප‍්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ පාර්ක් එක අයින් කරලා තියෙන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article