( 12.20 pm ) වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි හිමිනම අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.
පසුගිය 19 වැනිදා නිතී විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු වැටලීමට ගිය අවස්ථාවේදී එම ක්‍රියාව නොකරන ලෙස දුරකතන ඔස්සේ මෙම හිමි නම සහ මත්පැන් ජාවාරම්කරුවන් පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කර තිබිණ බවද වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය.
.මේ සම්බන්ධව අදාල ප්‍රකාශයන් සටහන් කර ගැනීමෙන් අනතුරුව හිමිනම අද (25) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පසුගිය දිනවල මේ සිදුවිම සමාජ මාධ්‍ය හරහා නිරන්තයෙන්ම ප්‍රසිද්ධියට පත්වෙමින් තිබුණ අතර එහිදි පොලිස් රාජකාරියට බාධාකිරිමට ආදාලව රංජන් රාමනායක අත්අඩංගුවට ගැනිමට උනන්දු වු පොලිසිය මේ සිදුවිමේදි නිහඩදැයි යන ප්‍රශ්ණය සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිය විසින් මතුකළේය.
පසුගිය දින කීපය තුළ මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.
.
.