Saturday, November 23, 2024

වාරකන් සමයට මුලතිව් මුහුදේ ධීවර කටයුතු කිරීමට ධීවරයින්ට බලපත්‍ර නිකුත් කර නෑ

Must read

 ffffffff (2) සෑම වසරකදීම වාරකන් සමයේ දි පුත්තලමේ ධීවරයින් මුලතිව් මුහුදෙහි ධීවර කටයුතු සදහා පිටත්ව යන නමුත් මේ වසරේ දි එහි යාමට ධීවර දෙපාර්තමේන්තුව නිසි බලපත්‍ර නිකුත් නොකිරිමෙන් ධීවර පවුල් දහසක පමණ සංඛ්‍යාවක් අනාථ භාවයට පත්වි ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව අයිතින් උදෙසා ධීවරයෝ සංක්‍රමණික ධීවර සංවිධානයයේ සභාපති එම්.ප්‍රභාත් ප්‍රනාන්දු මහතා ඊයේ ( 18 දා ) පැවැසීය.
පුත්තලම දිසාවේ සංක්‍රමණික ධීවරයින් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම පිණිස හලාවත තානායමේ දි පැවැති හමුවක දි ඒ මහතා එසේ පැවැසීය. මෙහිදි තවදුරටත් කරුණු දැක්වු එම්.ප්‍රභාත් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීය. පුත්තලම වෙරළ තිරයේ පාරම්පරික ධීවර පවුල් දහස් ගණනාවක් ජීවත් වනවා. වාරකන් සමය අදාවු අවස්ථාවේ දි ඔවුන්ට පුත්තලම මුහුදෙහි මාස හයක පමණ කාලයක දි මුහුදු යාමට නොහැකි වනවා. මේ නිසා මෙහි ධීවරයින් ඈත අතිතයේ පටන් වාරකන් සමය ආරම්භවීමත් සමගම නැගෙනහිර වෙරළට යනවා මසුන් මැරීමට. මුලතිව් කෝකිලායි නයාරූ නිලාවෙලි ත්‍රිකුණාමලය මෙන්ම මඩකලපුව වැනි පෙදෙස් වලට ද ඔවුන් එසේ සංක්‍රමණය වනවා. ඔවුන්ගේ පැමිණිම නිසා එම පෙදෙස් වල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ අතමිට පවා සරු වනවා. ඒ පුත්තලමෙන් එන ධීවරයින්ට අවශ්‍යය භාණ්ඩ අලෙවි කිරිමෙන්. අපේ ධීවරයින් එහිදි පියාමැස්සන් හුරුල්ලන් කෙළවල්ලන් වැනි මසුන් මරා ගන්නා අතර දිනකට ටොං ගණනාවක් බරැති මත්ස්‍ය අස්වැන්නක් මෙරට මත්ස්‍ය වෙළද පල ඉදිරිපත් කරනවා. මෙම මසුන් ආහාරයට ගන්නේ අපේ රටේ ජනතාවයි. අපි පරම්පරා ගණනාවක් නැගෙනහිර ගියත් මේ වසරේ පටන් මුලතිව් ධීවර කලාපයට යන්න පුත්තලමේ ධීවරයින්ට ඉඩ ලැබෙන්නේ නැහැ.හේතුව ධීවර දෙපාර්තමේන්තුව විසින් මුලතිව් යන්න අවශ්‍යය බලපත්‍ර නිකුත් නොකිරිම නිසාය.ධීවර දෙපාරඒතමේන්තුවේ බලධාරින් සමග අප මේ සම්බන්ධයෙන් සාකච්චා ගණනාවක් පවත්වා ඇතත් මේ දක්වා එම බලපත්‍ර නිකුත් කිරිම ආරම්භ කළේ නැහැ. මේ නිසා මේ වාරකන් සමයේ පුත්තලමේ සංක්‍රමණික ධීවර පවුල් දහසක් අනාථභාවයට පත්වි ඇත. මේ සම්බන්ධයෙන් අපි ගරු ජනාධිපති ආරක්ෂක ලේකම් ඇතුළු වගකිව යුතු අංශ වෙතින් ඉල්ලිමක් කරනවා අපට පුරුදු පරිදි මුලතිව් ගොස් වාරකන් සමයේ දී මසුන් මරන්න අවසර දෙන ලෙසට යයි ද කිය. කරුකුපොනේ පදිංචි සංක්‍රමනික ධීවර කාර්මිකයෙකු වන රූබන් ලීටස් මිරැන්ඩා මහතා කියා සිටියේ තමන් ගේ උපත පවා සිදුවුයේ තම දෙමාපියන් මුලතිව් ගොස් සිටිය දි බවත් තමන් අධ්‍යාපනය ලබා ගත්තේද එහිම බවත් දැන් තමන්ට මුලතිව් යන්න නොහැකිවීම කණගාටුදායක බවත් ධීවර දෙපාර්තමේන්තුව ගත් මෙම අමනොඥ පියවර පසු පස කිසියම් සංවිධානාත්මක බලවේගයක් සිටින බව තමන්ට සිතෙන බවත් කීය. තවත් සංක්‍රමනික ධීවරයින් වන ටැංටන් කුමාර ප්‍රනාන්දු රොබින් තිසේරා සහ ටෙලස්සිඩස් කෘෘස් යන මහත්වරුන්ද කරුණු දැක්වුහ.

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article