නාරම්මල පොලිස් බලප්‍රදේශයේ මැටියගනේ ග්‍රාමයේ බොරලු කපා අත්හැර දැමූ භූමියකින් නැවත බොරළු කපා ප්‍රවාහනය කරමින් තිබියදී කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ නිලධාරීන් එක්ව එම ටිපර් රථය සහ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ lc-8969 අංක දරන ටිපර් රථයයි. මෙසේ ව්‍යාජ බලපත්‍රයක් යොදාගනිමින් බොරළු ප්‍රවාහනයේ යෙදුන රථය හා රියදුරු අත් අඩංගුවට ගෙන නාරම්මල පොලිස් ස්තානය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම බලපත්‍ර ලාභියා කටාන ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට ඥාාති සම්බන්ධයක් ඇති අයෙකු බවද වාර්තා වේ.
ව්‍යාජ බලපත්‍රයකින් බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් නාරම්මලදි අත්අඩංගුවට !
