
මෙම සිසුන් නේවාසිකාගාර වල සිටම ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔවුන් අතරින් අසාධ්‍ය වන සිසුන් වරින් වර රෝහල් ගත කරමින් ඇති බව වාර්තාවේ.
මේ වෛරස් උණ රෝගය නිසා විශ්ව විද්‍යාල සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස ශිෂ්‍ය සංගම් ඉල්ලා ඇතත් මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ අවසන් විභාග ආරම්භ කොට ඇති බැවින් සිසුන්ට නිවාඩු ලබා දිය නොහැකි බව පාලන අධිකාරිය දැනුම් දී තිබේගමේ අතර වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුන් 29 දා රාත්‍රී වවුනියාව මල්වත්ත පාරේ පිහිටි පාලන කාර්යාලය වටලා විරෝධතාවක නිරත වූහ.
ඔවුන් එහි දී කියා සිටියේ විශ්ව විද්‍යාලයේ නේවාසික සිසුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යන නමුත් පාලන අධිකාරිය මේ දිනවල පැවැත්වෙන විභාග කල් දැමීමට පියවර නොගැනීම නිසා උණ රෝගයට ගොදුරු වී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.