Saturday, January 18, 2025

වල් බල්ලන් රැළක් සමග දඩයමේ ගිය මස් වැද්දන් රැළක් කොටුවෙති.

Must read

දඩයමට පුරුදු කළ සුනඛයින් ( වල් බල්ලන් ) ‍රැළක් සමග වන සතුන් දඩයමේ ගිය මස් වැද්දන් රැළක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පුත්තලම පොලිසියේ දූෂණ මර්ධන අංශ‍යේ නිලධාරීහු පසුගියදා සමත් වූහ.

පුත්තලම , මැල්ලන්කුලම පළුගස්වැව ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකදී අත්අඩංගුවට ගනු ගැබූ මෙම මස්වැද්දන් සන්තකයේ තිබූ තලගොයින් දෙ‍දෙනෙකුගේ සහ මීමීන්නෙකුගේ සිරුරුද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

මෙම තිරිසන් සත්වයින්ට දෙපා තිරිසනුන්ගෙන් එල්ල වී ඇති ජීවිත අවදානම සහ වදවී යා‍මේ ප්‍රවණතාවය හේතුවෙන් මෙම සත්වයින් මරා දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් උන් සංරක්ෂිත සතුන් ලෙස නම් කිරීමට රජය විසින් කටයුතු කර තිබේ.

දඩයමට පුරුදු කල සුනඛයින් ලවා සපාකෑමට සලස්වා මෙම සතුන් මරා දමා ඇති බවට පොලිසිය සැකකරන අතර, මරාදමා සිටි තලගොයින් දෙදෙනා අඩි 2 ½ පමණ දිගැති හොදින් වැඩුණු සත්වයින් බවද පොලිසිය කියයි.

මෙලෙස දඩයම් කරගන්නා සතුන් මීගමුව හා හලාවත ප්‍රදේශවල සුපිරි හෝටල් සදහා හොර රහසේ විකි‍ණෙන බවත්, මෙම සත්වයින්ගේ මාංශ යොදා එම හෝටල්වලදී සකස් කෙරෙන ආහාරවලට විදේශකයින්ගේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති බවද මේ වන විට සිදුකර ඇති මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පුත්තලම මූලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමිත් රෝහණ මහතාගේ ‍මෙහෙයවීමන් පොලිස් සැරයන් සුභසිංහ (53688) , පොලිස් කොස්තාපල් අරුණ (60918) , සම්පත් (67625 ) සහ තෙන්නකෝන් ( 79947) යන නිළධාරීහු විසින් මෙම වැටලීම සිදුකළහ.

පුත්තලම නලින් හෙන්දුරුගොඩputthalame_dadamas4 putthalame_dadamas putthalame_dadamas2 putthalame_dadamas3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article