Saturday, January 18, 2025

වයඹ රත් කළ සතියක , දේශපාලන කියුම් කෙරුම් එක්කළ ‘වයඹ අඵ යට ගිනි’

Must read


55624(5)

ජයරත්න හේරත් කට අරී !

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූයේ වයඹ දේශපාලනය උඩු යටිකුරු කර දමමිනි. අඵත් අයට පාර්ලිමේන්තුවේ දොර ඇරගන්නට උදව් දුන් වයඹ ජනතාව එතෙක් වයඹ හොල්ලාගෙන සිටි මැති ඇමැති කිහිපපොළකටම නිවාඩු ලබාදෙන්නටද වගබලාගෙන තිබිණි. මහ මැතිවරණය නිමා වී සති තුනක් ඉක්ම ගොස් ඇතත් පාර්ලිමේන්තු මැතිවරණය නිසා හට ගත් ගිනි පුපුරු නම් තවමත් තැනින් තැන දැල්වෙමින් පවතින බව පෙනේ. මැතිවරණයටත් පෙර සිටම දැල්වෙමින් පැවැති මේ එක් ගිනි පුපුරක් පසුගිය සතියේදී පුපුරා ගියේ වයඹ දේශපාලනය තුළ මහා ලැව් ගින්නක්ද ඇති කරමිනි. වසර ගණනක් තිස්සේ නායකත්වයේ නාමයෙන් ඉවසා සිටින්නට සිදු වූ කැපිලි, කෙටිලි, කොන්කිරීම් සහ නොසලකාහැරීම් සහිත අමිහිරි අත්දැකීම් ගණනාවක් පිළිබදව ලොවට අනාවරණය කරමින් ඒ ගින්න අවුලවනු ලැබුවේ හිටපු ඇමැති ජයරත්න හේරත් විසිනි. සිය දේශපාලන ජීවිතයේදී මුහුණ දුන් පළමු පරාජයේ අමිහිරි අත්දැකීම් විදගනිමින් සිටින ජයරත්න හේරත් පසුගිය සති තුනක කාලය ගත කළේ නිහඩ පිළිවෙතකය. ඒ නිහඩ බව බිදිමින් සිය පරාජය පිළිබද කරුණු පිළිබදව පැහැදිලි කිරීම සදහා ජයරත්න හේරත් විසින් කුරුණෑගල, වදුරාගල පිහිටි ඔහුගේ කාර්යාලයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණේ පසුගිය බදාදාය. සිය පරාජයට වළකැපුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බවට ජයරත්න හේරත් විසින් එහිදී කට පුරාම චෝදනා කළ අතර පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පෙරදීත් තමන් ඇතුඵ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට වි`දින්නට සිදු වූ පීඩාවන් ගණනාවක් පිළිබදව ජයරත්න හේරත් එහිදී අනාවරණය කළේය.
”මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්තරා හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ පදිංචි වෙලා, ඔහුගේ කාර්යාලය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බවට පත්කරගෙන කටයුතු කරපු තත්වයක් උඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරපු අපිට අඩුපාඩුකම්, සහ ගැටඵ සහගත තත්වයන්වලට මුහුණ දෙන්නට සිදු වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ගත්ත ක‍්‍රියාමාර්ග නිසා තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙන මේ ශෝචනීය තත්වයට ගොදුරු වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාල සීමාව තුළ එතුමා අනවශ්‍ය විදිහට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පක්ෂය තුළට වැද්දගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කොන් කරමින්, ඔවුන්ව නොසලකා හරිමින් , පක්ෂයට ආගන්තුක වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයින්ට වැඩි සැලකිලි දක්වමින් , ඔවුන්ට වඩාත් වැදගත් විෂය පථයන් සහිත අමාත්‍යංශ පවරාදෙමින් කළ කටයුතු නිසා සමස්ත රටේම ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දේශපාලන වශයෙන් හුදෙකලා වුණා. වනගතවෙන්නට සිද්ධ වුණා. ඒකේ අවසාන ප‍්‍රතිඵලය විදිහට අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් ගල් කරන්නට එතුමා සමත් වුණා. පහුගිය මැතිවරණේදී ,වරක් දෙවරක් නෙවෙයි ඊට වැඩි අවස්ථා ගණනාවක් විශේෂිත අපේක්ෂිකයින් කිහිපදෙනෙක් තෝරාගෙන මහජන රැස්වීම්වල එතුමා ප‍්‍රසිද්ධියේ කියනවා මෙයා මට එන්න කියලා ආරාධනා කරපු මිනිහා, මෙයා මට කුරුණෑගලින් කන්න දෙන එක්කෙනා, මෙයා මට කුරුණෑගල නවාතැන් දෙන කෙනා, මෙයා මට සහය දෙන එක්කෙනා කියලා. එහෙම තෝරාගත් පිරිසකට ජනතාව ඉදිරියේ විශේෂ සැලකිල්ලක් දැක්වීම තුළ තමයි අපිට මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එතුමා කුරුණෑගලට ඇවිල්ලත් අපිට ඡන්ද 82741 ක් අඩුයි. ඒකෙන්ම පැහැදිලියි එතුමා මෙහාට ආවා කියලා දේශපාලන වශයෙන් ලොකු ප‍්‍රගතියක් අත්පත්කරගන්න අපිට ලැබුණේ නෑ. අර කොත්තු රොටිය ගහනවා වගේ මේකේ තියෙන මනාප ටික එහාට මෙහාට බෙදලා , මහින්ද රාජපක්ෂ මැතිතුමාට පක්ෂග‍්‍රාහී, එතුමා වඩාත්ම ප‍්‍රියමනාප චරිතවලට මනාප ඡන්ද ලබාදීම සදහා එතුමාගේ මෙහෙයුම් කාර්යාලයෙන් ගෙනිච්ච ඉතාම සංවිධානාත්මක වැඩපිළිවෙලත් එක්ක තමයි මේ තත්වය උද්ගත වුණේ. ” කලක් තිස්සේ සිය සිත තුළ පැසවමින් තිබූ මහා බරකින් නිදහස් වෙන්නාක් මෙන් ජයරත්න හේරත් විසින් මහින්දව සිත් සේ පතුරුහැරියේ එසේය.

ඉල්ලූවේ නාවින්න. දුන්නේ දයාසිරි !

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය පිළිබදව මෙතෙක් හෙළි නොකෙරුණු රහසක්ද ජයරත්න හේරත් විසින් මෙහිදී අනාවරණය කළේය. ” පහුගිය පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල සහ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 16 දෙනෙක් ලියුමක් අත්සන් කරලා දුන්නා නාවින්න මහත්තයා මහ ඇමැති කරන්න කියලා. ඒ ලියුම අත්සන් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාට මමමයි භාරදුන්නේ. එහෙම වයඹ පළාතම නාවින්න ගේන්න කියද්දී තමයි මහින්ද දයාසිරි ජයසේකරව ගෙනාවේ. ඒකේ අවසන් ප‍්‍රතිඵලය වුණේ මොකක්ද ? මේ දිස්ත‍්‍රික්ක දෙකේම හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා එස්. බී. නාවින්න අවසානයේදී එක්සත් ජාතික පක්ෂයට ගියා. මේක තමයි අපිට පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ. ඒ තුළ තමයි මේ පක්ෂය දෙදරා යන්නේ. පක්ෂයේ උදවියට නොසැලකීමත්, පිටස්තරින් ආව ආගන්තුකයින් පිළිබද දැඩි විශ්වාසය පළ කරලා ඔවුන්ව ඉහළට ඔසවා තැබීමත් තමයි මේ මතභේද සියල්ලටම හේතුවෙලා තියෙන්නේ. ”

විපක්ෂනායක සටනින් මංජුල පසු බසී.

වයඹ පළාත් සභාවේ විපක්ෂනායක සටනින් ශමල් සෙනරත්ට ජය අත්වන ලකුණු දැන් දැන් පහළවෙන්නට පටන්ගෙන තිබේ. විපක්ෂනායක තනතුර වෙනුවෙන් ශමල් සමග ගල උඩ සටනක යෙදී සිටි මංජුල බණ්ඩාර පසුගිය සතියේදී පසුබා ගිය බවක් පෙනෙන්නට තිබිණි. මංජුලට විපක්ෂනායක සටනින් පසු බා යන්නට කරුණු කාරණා කිහිපයක්ම හේතු වී ඇති අතර වැඩි වශයෙන්ම මංජුලට පරහට හිටි කාරණාව වී ඇත්තේ මංජුලගේ මෑණියන් වන අමරා පියසීලි රත්නායක මහත්මිය වයඹ ආණ්ඩුකාර පුටුවේ වාඩි වී සිටීමය. මවට ආණ්ඩුකාර ධූරයත් , පුතුට විපක්ෂනායක ධූරයත් යන තනතුරු දෙකම එකම පළාත් සභාවක් තුළ ලබාදීම උචිත නොවන බව ඉහළ තැන්වලින් කියැවෙන්නට පටන්ගැනීම තුළ මංජුලට අවාසි සහගත වටපිටාවක් නිර්මාණය වී තිබිණි. දැනට වයඹ පළාත් සභා මන්ත‍්‍රී ධූරය භාරගන්නා ලෙසටත්, ඉදිරියේදී සිදුවන පෙරළියක් තුළ වගකීම් සහගත තනතුරක් මංජුල වෙත ලබාදෙන බවටත් සිරිකොත පැත්තෙන් දැන් දැන් මංජුල වෙත යෝජනාවෙමින් පවතී.
විපක්ෂ නායක සටනින් මංජුල අඩියක් පසුපසට ගනිද්දී ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ශමල් සෙනරත් විපක්ෂ නායක ධූරය දිනාගැනීම වෙනුවෙන් තවත් පියවර කිහිපයක් ඉස්සරහට තබන්නට වැඩි සද්දයක් නැතිවම වගබලාගෙන තිබිණි. තමන් විපක්ෂනායක ලෙස පත්වෙනවාට කැමැති බවට සහතික කරමින් විපක්ෂය නියෝජනය කරන සියඵ මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිත ලිපියක් පසුගිය සතියේදී සකස්කර ගන්නට ශමල් විසින් වගබලාගෙන තිබිණි. අදාළ ලියැවිල්ලද සහිතව පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල අනුව මෙන්ම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුවත් විපක්ෂ නායක තනතුරට වඩාත් සුදුස්සා තමන් බවට සිරිකොත වෙතද දන්වා යවන්නට ශමල් විසින් කටයුතු කර තිබිණි. මේ නිසාම ශමල් මේ දිනවල පසුවන්නේ විපක්ෂනායකකම තමන්ට ලැබෙන බවට වූ නියත විශ්වාසයකිනි. ” විපක්ෂනායකකමට කිසි තරගයක් නෑ. ඊළග පළාත් සභාවේදී සභාපතිතුමාට තියෙන්නේ විපක්ෂනායක විදිහට මගේ නම කියන එක විතරයි. ” ශමල්ගෙන් විපක්ෂනායක පොරයක් පිළිබදව මේ දිනවල විමසන කාටත් වුවද ලැබෙන්නේ එවැනි ආකාරයක පිළිතුරකි.

මහඇමැතිකම පුත්තලමින් ගිලිහෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය නිමාවීමත් සමග ගෙවී ගිය සති කිහිපයේදී වයඹ දේශපාලනය වඩාත් කැළඹූ මාතෘකාව වූයේ වයඹ මහඇමැතිකම පුත්තලමට ලබාදෙන බවට වූ රාවයයි. මහ ඇමැති දයාසිරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරීපත්වීම නිසා පුරප්පාඩු වූ මහඇමැති තනතුර පුත්තලමට ලබා දෙන ලෙසට පුත්තලම් දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරු මෙන්ම පළාත් සභා මැති ඇමැතිවරු ගණනාවක්ද ජනපති මෛත‍්‍රීගෙන් ඉල්ලීම් කර තිබිණි. වෙනකක් තබා පුත්තලම නියෝජනය කරන පළාත් ඇමැති සන්ධ්‍යා රාජපක්ෂ මහ ඇමැති සටනට පිවිස සිටියේ ‘මහඇමැතිකම පුත්තලමට’ ලබාගැනීමේ සටන් පාඨයක්ද පෙරට දමමිනි. සන්ධ්‍ය ඇතුඵ පුත්තලම් දිස්ත‍්‍රික්කය වෙනුවෙන් පෙනී සිටි මැති ඇමැතිවරුන්ගේ සුලබ සටන් පාඨය වූයේ වයඹ පළාත් සභාව ආරම්භ වූ දා සිට මේ දක්වාම මහඇමැති තනතුරට පත් වී ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු බැවින් වසර විසි තුනක් තිස්සේ පුත්තලම දැඩි අසාධාරණයක් සිදු වී ඇත යන්නයි. එමෙන්ම පුත්තලමට මහ ඇමැතිකම ලබාදිය යුතු බවට තර්ක කළ පිරිස් එහි ‘සාම්පල් ’ලෙස පෙන්වන්නට යොදාගෙන තිබුණේ උතුරුමැද පළාතයි. උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුරය සතුව තිබූ මහඇමැතිකම පොළොන්නරුවට ලබාදුන්නා මෙන් කුරුණෑගල සතුව පවතින මහඇමැතිකම දැන් පුත්තලමට ලබා දිය යුතු බවට මෙම පිරිස් විසින් ජනපති මෛත‍්‍රී ඉදිරිපිට තර්ක කළහ. මහඇමැති ධූරය සදහා පුත්තලම් – කුරුණෑගල සටන කොතරම් දුරදිග ගියාදැයි කිවහොත් පසුගිය සතියේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රැස්වීමේදීත් මේ හබය ඇදී තිබුණේ ජනපති මෛත‍්‍රී මුලසුනෙහි වාඩි වී සිටියදීමටය. එහිදී ප‍්‍රියංකර ජයරත්න මහඇමැතිකම පුත්තලමට ලබාදිය යුතු බවට අදහස් දක්වා ඇති අනුර යාපා ඊට දැඩි විරෝධය පළ කර තිබේ. මහඇමැතිකම මුල්කරගනිමින් දෙදෙනා ඇතර ඇති වූ වාග් සංග‍්‍රාමය සංසිදවන්නට අන්තිමේදී ජනපති මෛත‍්‍රීටද මැදිහත්වන්නට සිදු වී තිබේ.
වයඹ මහඇමැතිකම වෙනුවෙන් එහි දිස්ත‍්‍රික්ක දෙකම මෙලෙස සටන්වැද සිටියදී පසුගිය සදුදා වන විට ලැබෙමින් තිබූ ආරංචිවලින් කියැවුණේ මහඇමැතිකම පුත්තලමට ලබාදීමේ තීරණය අහෝසි වී ඇති බවකි. මහඇමැතිකම තවදුරටත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළම රදවා තබන්නට තීරණය වී ඇතැයි කොළඹින් ලැබුණු ආරංචිවලින් කියැවිණි. ඒ සමගම වයඹ මහඇමැතිට අදින්නට පසුගිය සතිකිහිපය තිස්සේ සුවිසල් වෑයමක් දැරූ සිටි සන්ධ්‍ය රාජපක්ෂටද සිය බලාපොරොත්තු වතුරේ යවන්නට සිදු වී තිබේ. ඒ නිසාමදෝ පසුගිය සති දිනවල වඩාත් ක‍්‍රියාශීලීව සිටි බවක් පෙනුණු සන්ධ්‍ය රාජපක්ෂ වෙතින් පසුගිය සතිය පුරාම පළවූයේ සන්සුන් ස්වභාවයකි. මහඇමැති තරගයෙන් පුත්තලම හැලීයාමත් සමග එය සභාපති ධර්මසිරි දසනායක, හිටපු මහ ඇමැති අතුල විජේසිංහ සහ මන්ත‍්‍රී ලක්ෂ්මන් වේඩරුව යන තිදෙනා අතර තුන් කොන් සටනක් බවට මේ වන විට පරිවර්තනය වී තිබේ. තමන්ට මහඇමැතිකම ලබාදිමට ආණ්ඩු පක්ෂයේ සියඵ මන්ත‍්‍රීවරුන් එකග බවට අත්සන් තබා සහතික කළ ලියැවිල්ලක්ද අතැතිව සභාපති ධර්මසිරි දසනායක එක් අතකින් සටන් වදිද්දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව සහ කුලියාපිටිය නගර සභාව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් අතුල විජේසිංහට මහඇමැතිකම ලබාදෙන ලෙස ඉල්ලා ජනපති මෛත‍්‍රී ඇතුඵ නිල බලධාරීන් වෙත ලිපියක් යැව්වේද පසුගිය සතියේදීය. එක් පාර්ශ්වයකින් අතුල මහඇමැතිකමට එලෙස යෝජනාකරද්දී අතුල සමග කවදත් ජන්මාන්තරව සිටින වයඹ ගුරු පරපුර මෙවරද අතුලට පරහට හිට ඇති බවක් කියැවෙයි. ඒ වයඹ පළාතේ ගුරුවරුන් පිරිසක් විසින් අතුල විජේසිංහට මහඇමැතිකම නොදෙන ලෙස ඉල්ලා සිටිමින් ජනපති මෛත‍්‍රී වෙත යවා ඇති බව කියන සන්දේශයක් හේතුවෙනි. මහඇමැතිකම යළි දිනාගැනීම වෙනුවෙන් අතුල එලෙස කදු , පල්ලම් අතර දෝලනය වෙමින් සිටියදී මන්ත‍්‍රී ලක්ෂ්මන් වේඩරුවද මහ ඇමැතිකම වෙනුවෙන් සිය සටන පසුගිය සතියේදී තවදුරටත් පණ පොවා ගත්තේය. පසුගිය සතියේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මුණ ගැසුණු වේඩරුව ඉල්ලා ඇත්තේ වයඹ මහඇමැති පමණක් නොව සමස්ත අමාත්‍ය මණ්ඩලයම විසුරුවා හැර අදාල තනතුරු සදහා අඵතින්ම ඇමැතිවරුන් පත්කරන ලෙසටය. වේඩරුවගේ ඉල්ලීම ඵලදීම නිසාදෝ වයඹ පළාතේ පමණක් නොව මහඇමැති පුරප්පාඩු පවතින අනෙක් පළාත් සභාවන් දෙකෙහිත් අමාත්‍ය මණ්ඩලයන් විසුරුවා හැර ඒවා සදහා අඵතින් ඇමැතිවරුන් පත්කරන බවට රාවයක්ද මේ දිනවල විදුලි වේගයෙන් පැතිරයමින් තිබේ. මේ කුමන රාවයන් පැතිරී ගිය නමුත් වයඹට අඵත් මහඇමැතිවරයෙකු පත්කරනු දැකීමට සැප්තැම්බර් 04 වැනිදා පසුවන තෙක් ඉවසා සිටීමට වයඹ ජනතාවට සිදුව තිබේ. පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම, ශ‍්‍රීලනිප මහ සමුඵව ඇතුඵ කරුණු ගණනාවක් මත උදාවී ඇති දැඩි කාර්ය බහුලත්වය නිසාම මහඇමැතිවරුන් පත්කිරීම පසුවට කල් දමන්නට පසුගිය සතිය ආරම්භයේදීම ජනපති මෛත‍්‍රී විසින් තීරණය කර තිබිණි. ඒ නිසාම ජනපති මෛත‍්‍රී සිය කාර්ය බහුලත්වයෙන් මද අස්වැසිල්ලක් ලැබීමට නියමිත එළැඹෙන සතිඅන්තයේදී හෝ ලබන සතිය මුලදී වයඹ භාරකරුවා කවුදැයි තීරණයවීමට වැඩිඉඩක් තිබේ.

පළාත් සභාව ‘ආණ්ඩු පක්ෂයට ’සමුදෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වූ මහඇමැති දයාසිරිට සහ ඇමැති සනත් නිශාන්තට සමුදීමේ උත්සවයක් වයඹ පළාත් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණේ පසුගිය ස‍දුදාය. වයඹ ප‍්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඉතා හදිසියෙන් සූදානම් කෙරුණු බව කියැවුණු මෙම සමුගැනීමේ උත්සවයට දයාසිරි සහ සනත් නිශාන්ත සුවිශේෂී ආරාධිතයින් ලෙස සහභාගී වී සිටි අතර ඇමැති ඞී. බී සහ සන්ධ්‍ය රාජපක්ෂද සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුද සුබපතන්නන් ලෙස එක්වී සිටියහ. අසනීප තත්වයක් හේතුවෙන් අදාළ උත්සවයට සහභාගීවන්නට බැරි බව ඇමැති දෙහිගම විසින් දන්වා එවා තිබූ බවද උත්සවයේදී කියැවිණි. මැති ඇමැතිවරුන්ට අමතරව වයඹ පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුඵ පිරිසකගේද සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සමුදීමේ උත්සවයක් ලෙස නම් කර තිබූ නමුත් අදාළ සමුදීම වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ඇමැතිවරුන්ට පමණක් සීමා කෙරී ඇති බවක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. මන්ද වයඹ පළාත් සභාව නියෝජනය කළ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නමුත් ඒ කිසිවෙකුටත් මෙම උත්සවයට සහභාගීවීම සදහා වයඹ ප‍්‍රධාන ලේකම් කාර්යාලයෙන් ආරාධනාවක් ලැබී නොතිබූ හෙයිනි. අඩුම වශයෙන් එම විපක්ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනාගේ නමක්වත් මෙම උත්සවයේදී සදහන් නොකිරීමට උත්සව සංවිධායකයින් විසින් පරෙස්සම් වූහ. උත්සවයේදී කතා කළ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න ඇතුඵ සෑම කථිකයෙකුම දයාසිරි වයඹ මහඇමැති ලෙස කටයුතු කළ දින 640 ක කාලය පිළිබදව උදම් අනමින් කතාකළ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් අශෝක ප‍්‍රියන්ත හැර අන් සියඵ මන්ත‍්‍රීවරුන් වයඹ පළාත් සභාව තුළ දයාසිරිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි බව ඒ සියඵදෙනාට අමතක වී ගොස් තිබිණි. විපක්ෂනායක ජේ. සී . අලවතුවල , විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හෙක්ටර් අප්පුහාමි , මන්ත‍්‍රීවරුන් වන ශාන්ත අබේසේකර සහ තුෂාර ඉදුනිල් පළාත් සභා කිහිපයක්ම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන අතර දැන හෝ නොදැන අදාළ මන්ත‍්‍රීවරුන්ගේ නම් සමුගැනීමේ උත්සවයෙන් කැපී ගොස් තිබිණි. අදාළ සමුදීමේ උත්සවය කාගේ උවමනාවට , කාගේ උපදෙස් මත සංවිධානය වූවක් වුවත් ඊට පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනාටද ආරාධනා කර තිබුණේ නම් එම උත්සවය වඩාත් අර්ථපූර්ණ සහ විචිත‍්‍රවත් වන්නා සේම වයඹ පළාත් සභාව තුළ නිරන්තරයෙන් ජප කෙරෙන වැකියක් වන ‘පරමාදර්ශී පළාත් සභාවක් ’ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වූ අවස්ථාවක් බවටද පත්කරගන්නටද තිබිණි. අනෙක් අතට වසර ගණනක පැරණි කෝන්තර අමතක කර දමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට අත්වැල් බැදගනිමින් සම්මුතිවාදී ආණ්ඩු සංකල්පයකට එළැඹ සිටින මේ මොහොතේ එකී එකගතාවය පෝෂණය කිරීමේ නියත වගකීමක් වෙනුවෙන් බැදී සිටිය යුතු වයඹ පළාත් සභාව තවමත් අනුගමනය කරමින් සිටින බෙදා වෙන්කර , එක් එක් හැදිවලින් බෙදාදීමේ පිළිවෙත කුමක්දැයි විපක්ෂ මන්ත‍්‍රීවරු දැන් දැන් ප‍්‍රශ්න කරමින් සිටිති.

සනත් නිශාන්ත වැරැදි නිවැරදි කරයි.

වයඹ පළාත් සභා රැස්වීමේදී ඇමැති සනත් නිශාන්තට මාධ්‍යවේදීන් ගැන අමතකවීමෙන් සිදු වූ අලකලංචිය පිළිබදව පසුගිය සතියේදී ‘අඵ යට ගිනි ’ ඔස්සේ හෙළිදරව් කෙරිණි. හැදෙන දේශපාලනඥයෙකුගේ ලකුණු ප‍්‍රදර්ශණය කරමින් තමන් අතින් වූ සිදු වූ අතපසුවීම ප‍්‍රසිද්ධියේම නිවැරදිකර ගන්නට සනත් නිශාන්ත පසුගිය සතියේදී ක‍්‍රියා කළේය. ඒ පසුගිය සදුදා පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැති සමුගැනීමේ උත්සවයේදීමය. සනත් නිශාන්ත සිය කතාවේදී තමන් ඇමැතිකම දැරූ කාලයේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් පළාත් සභාවේ සභාපතිවරයා, ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුඵ ඇමැති මණ්ඩලයට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද ස්තූතිය පළකරමින් කතා කළ අතර සිය කතාව නවත්වන්නට මොහොතකට පෙර මෙසේ පැවසීය. ”මට චෝදනාවක් තියෙනවානේ හැමදාම මාධ්‍යවේදීන් අමතක වෙනවා කියලා. ඒ නිසා මම මේ වෙලාවේ අපේ මාධ්‍යවේදී සහෝදරවරුන්ටත් විශේෂ ස්තූතියක් කරනවා. මම අද මේ ඉන්න තැන දක්වා එන්න අනෙක් හැමෝටම වගේම මටත් මාධ්‍යවේදී සහෝදරයින්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා.” යැයි සනත් නිශාන්ත සිනාසෙමින් පැවැසීය.

දයාසිරි වයඹින් සමුගනී.

වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැති සමුගැනීමේ උත්සවය නිමාවීමෙන් අනතුරුව දයාසිරි , සනත් නිශාන්ත ඇතුඵ පිරිස කෙලින්ම ආවේ ලිච්ඡවි ශාලාවටය. එහිදී පිරිස වෙනුවෙන් තේ පැන් සාදයක් සූදානම් කර තිබිණි. තේ පැන් සාදයට දයාසිරි , සනත් නිශාන්තට අමතරව ඇමැති ඞී. බී. , සන්ධ්‍ය රාජපක්ෂ, සභාපති ධර්මසිරි, මන්ත‍්‍රී කමල් ඉන්දික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රී රංජිත් ගුණසේකරද මෙන්ම රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද එක් වී සිටියහ. දයාසිරි සහ මන්ත‍්‍රී රංජිත් ගුණසේකර කිරිබත් කෑල්ලක රස බලමින් බරපතල කතාබහක යෙදී සිටි අතර ඞී. බී. සහ සන්ධ්‍ය ඇතුඵ පිරිසක් තවත් තැනක වෙනත් කතාබහක යෙදී සිටියහ. සභාපති ධර්මසිරි වටකරගත් පිරිසක් මහඇමැති සටන පිළිබදව විමසමින් සිටි අතර ධර්මසිරි සුපුරුදු පරිදිම එහිදීත් ‘මං මහඇමැති’ යැයි ඇගවෙන ආකාරයෙන් කතා කරන්නට වගබලාගත්තේය. කෙසේවෙතත් තේ සාදය අවසන් කළ දයාසිරි සහ සනත් නිශාන්ත එතැනින් පිටත් වී ප‍්‍රධාන අමාත්‍යංශය දෙසට පිටත් වී ගියේ කැබිනට් රැස්වීමට සහභාගීවීමට ඇති බව පවසමිනි. අනතුරුව කැබිනට් රැස්වීම ආරම්භ කෙරිණි. එය දයාසිරි සහ සනත් නිශාන්ත වයඹ පළාත් සභාව තුළ සහභාගී වූ අවසන් කැබිනට් රැස්වීමද විය. ඇමැති දෙහිගම නොපැමිණිම නිසා කැබිනට් රැස්වීමට සහභාගි වී සිටියේ දයාසිරි , සනත් නිශාන්ත, ඞී. බී. සහ සන්ධ්‍ය පමණි. වැදගත් කරුණක් නොවූ හෙයින් කැබිනට් රැස්වීම කෙටියෙන් අවසන් වූ අතර ඞී. බී. සහ සන්ධ්‍ය විසින් යළිත් වරක් දයාසිරිට සහ සනත් නිශාන්තට සුබ පැතූහ. කැබිනට් රැස්වීම අවසන් කළ දයාසිරි ඊළගට කළේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට සමුදීමය. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ තමන් සමග රැදී සිටි සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් ප‍්‍රධාන අමාත්‍ය නිල කාමරය වෙතට ගෙන්වාගෙන ඔවුන්ට සමුදීමටත්, ඔවුන්ගේ ඉල්ලීම් පරිදි ඡායාරූපවලට පෙනී සිටීමටත් දයාසිරි පළාත් සභාවේ ගෙවූ අවසන් හෝරා කිහිපය වැය කළේය. අවසන් වශයෙන් ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකයේ සියඵ දෙනාවද ප‍්‍රධාන අමාත්‍ය නිල කුටියට ගෙන්වාගත් දයාසිරි ඔවුන්ටද සමුදීමෙන් පසුව වයඹ පළාත් සභාවෙන් එළියට බැස්සේ පස්වරු 4. 10 ට පමණය. මීට දෙවසරකට ඉහතදී පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් දා ඇගිල්ලක් ගහන්නට ඉඩක් නැති තරමට වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය දයාසිරි හිතවතුන්නේ පිරී පැවැති නමුත් දයාසිරි මහඇමැතිකමින් සමුගෙන යන දා ඔහු සමග සිටියේ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු පමණක්වීම විශේෂත්වයකි. දින 640 ක් පුරා ලියැවෙමින් පැමිණි වයඹ පළාත් සභාවේ දයාසිරි යුගයට තිත තැබූ දයාසිරි පසුගිය සදුදා වයඹ පළාත් සභාවෙන් නික්ම ගියේ අඩුම කාලයක් වයඹ මහ ඇමැති ධූරය දැරූ මහ ඇමැතිවරයා ලෙස දයාසිරි ජයස්කර යන නමද වයඹ දේශපාලන ඉතිහාසයට එකතු කරමිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article