වයඹ ප‍්‍රධාන අමාත්‍යධූරය පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකුට ලබාදෙන ලෙසට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
වයඹ ප‍්‍රධාන අමාත්‍යධූරය දරමින් සිටි දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා එම තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතී.
අදාළ තනතුර දිනාගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක, ලක්ෂ්මන් වේඩරුව, අතුල විජේසිංහ සහ සන්ධ්‍ය රාජපක්ෂ යන මහත්වරුන් විසින් මේවන විට විවිධ ක‍්‍රම ඔස්සේ උත්සාහ ගනිමින් සිටිති.
අනුරාධපුර දිස්ත‍්‍රික්කය සතුව පැවැති ප‍්‍රධාන අමාත්‍යධූරය පොළොන්නරුවට ලබා දුන් අයුරින් වයඹ ප‍්‍රධාන අමාත්‍යධූරයද පුත්තලමට ලබාදෙන ලෙසට පුත්තලම් දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මහඇමැති ධූරය පුත්තලම් දිස්ත‍්‍රික්කයට ලබාදීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේද වැඩිකැමැත්තක් පවතින බවද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.
වයඹ පළාත් සභාව ආරම්භ වූ දා සිට මේ දක්වාම වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරය හෙබවූයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කළ මන්ත‍්‍රීවරයෙකු වන අතර පුත්තලම් දිස්ත‍්‍රික්කයට වඩා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනගහණය වැඩිවීම, භූමි ප‍්‍රමාණයෙන් විශාලවීම , මැතිවරණ කොට්ඨාශය ප‍්‍රමාණය වැඩිවීම සහ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ප‍්‍රමාණය වැඩිවීම ඇතුලූ කරුණු ගණනාවක් ඊට බලපා තිබිණි.