වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව පසුගියදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක සහ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම උත්සවයේ අරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ.
ව්‍යාපාරිකයින්, බැංකු සහ කල්බදු සමාගම් නියෝජිතයින් පිරිසක්ද මෙම සුහද හමුව සදහා සහභාගී වී සිටි අතර උත්සවය නර්තන සහ සංගීතමය අංග ගණනාවකින් අලංකාරවත් විය.
වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ සාමාජිකයින් අතරේ දිනුම් ඇදීම් කිහිපයක්ද පැවැති අතර ආරාධිත මැති ඇමැතිවරුන්ගේ අතින් ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීමද සිදුකෙරිණි.