Saturday, January 18, 2025

වයඹ පුතෙකු ඔසු නියාමන අධිකාරියේ මුල් පුටුවට.

Must read

පසුගිය සමයේදී මහත් ආන්දෝලනයට ලක් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම සිදුකර ඇති අතර වෛද්‍ය කමල් ජයසිංහ මහතා පසුගිය සදුදා (06 වැනිදා ) නව තනතුරේ වැඩ භාරගෙන තිබේ.

මෙම නව තනතුරට අමතරව වෛද්‍ය කමල් ජයසිංහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ (රසායනාගාර සේවා ) වශයෙන් තවදුරටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන වෛද්‍ය කමල් ජයසිංහ මහතා විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. එමෙන්ම වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වශයෙන්ද කලක් සේවය කර ඇති කමල් ජයසිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ වසර විසි හතරකට වැඩි කාලයක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අතර එහි අවසන් වසර කිහිපයේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වූ අභිමානවත් වයඹ පුත්‍රයාණෙනි, ඔබට වයඹ ටුඩේ වෙබ් අඩවියේ උණුසුම් සුබපැතුම් !

dr_kamal

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article