Friday, November 22, 2024

වයඹ පාසල් හෙට වැසෙයි !

Must read

school_ closeපවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයඹ පළාතේ සියලුම පාසැල් සඳහා බලපැවැත්වෙන පරිදි හෙට  දිනය ( 18   වැනි බදදා ) නිවාඩු දිනයක් ලෙස නම් කළ බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

මීට අදාළ නිවේදනය වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් කුමාරි වීරසේකර මෙනවිය විසින්  අද (  17  දා) දහවල් වයඹ පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දන්වා ලැබුවාය.

හෙට දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරිම හේතුවෙන් ඉදිරි සති අන්ත දිනයක් පාසැල් දිනයක් ලෙස නම් කිරිම මගින් අදාල දිනය ආවරණය කිරීමට  කටයුතු කරන බවද ලේකම්වරියගේ නිවේදනයෙහි වැඩිදුරටත්  සඳහන් වෙයි.

වයඹ පළාතේ බොහෝ ප්‍රදේශවලට බල පා ඇති  ගංවතුර තත්වයක් මෙන්ම දැඩි සුළං සහිත අයහපත් කාලගුණ තත්වයන්ගෙන් දරුවන්ට ඇති විය හැකි හානි වැළැක්වීම සහ ඔවුන්ගේ අරක්ෂාව තහවුරු කිරිම සදහා  වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව ලේකම්වරියගේ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වී තිබේ.

හදිසි ආපදාවන්, ගමනගමන අපහසුතා මෙන්ම ඇතැම්  පාසල් අවතැන් කදවුරු සදහා ලබාදීමට සිදු වී තිබීම වැනි තත්වයන් සලකා මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව වයඹ අධ්‍යාපන අමාත්ස‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා පැවසිය .
ඒ අනුව වයඹ පළාතේ පාසල් 1250 ක් හෙට  දිනයේදී නොපැවැත්වෙනු ඇත.

චන්දන ප්‍රනාන්දු 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article