වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද චන්ද්‍රලාල් මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
වයඹ පළාත් සභාව තුළ යාපහුව මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ චන්ද්‍රලාල් මහතා, වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුද වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් පළාත් සභාවට තේරී පත් වූ හෙතෙම මිය යන අවස්ථාව වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරමින් සිටියේය. දක්ෂ කවියෙකු වන ආනන්ද චන්ද්‍රලාල් මහතා බොහෝ අවස්ථාවන්වලදී පළාත් සභාව තුළ අදහස් දැක්වූයේ කවියෙන් වීම විශේෂත්වයක් වෙයි.
කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී අද සිදුකළ හදවත් සැත්කමක් අතරතුරදී ආනන්ද චන්ද්‍රලාල් මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.
වැඩි විස්තර ඉදිරියට……