Saturday, January 18, 2025

වයඹ පළාත් සභාවට යළිත් බාලගිරිදෝෂය.

Must read

නට පුරප්පාඩු වී පවතින වයඹ පළාත් සභාවේ සභාපති සහ සභානායක තනතුරු සදහා මන්ත‍්‍රීවරුන් තෝරාපත් කරගැනීම ඊයේ (22 දා ) පැවැති පළාත් සභා රැස්වීමේදී සිදු නොවීය.

වයඹ පළාත් සභාවේ සභාපති ධූරය දරමින් සිටි ධර්මසිරි දසනායක මහතා වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වීම නිසා පසුගිය 08 වැනිදා සිට වයඹ පළාත් සභාවේ සභාපති තනතුර පුරප්පාඩු වී තිබේ. මේ හේතුවෙන් ඊයේ වයඹ පළාත් සභාව රැස්වුයේ එහි නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරී මහතාගේ ප‍්‍රධානත්වයෙනි. සභා රැස්වීම ආරම්භ වීමෙන් පසුව සභාපතිවරයාගේ නිවේදන අවස්ථාවේදී සභාව ඇමැතූ නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරී මහතා විසින් වයඹ පළාත් සභාව සදහා නව සභාපතිවරයෙකු තෝරාපත්කරගැනීම ඔක්තෝම්බර් 06 වැනිදා පැවැත්වෙන මීළග වයඹ පළාත් සභාවේදී සිදුවෙන බව සභාවට නිවේදනය කළේය.වයඹ පළාත් සභාවේ සභානායක ධූරය දැරූ සුමල් තිසේරා මහතා වයඹ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වීම නිසා එම තනතුරද මේ වන විට පුරප්පාඩු වී පවතී.

ඊයේ පැවැති පළාත් සභා රැස්වීමට වයඹ පළාත් සභාව සදහා අඵතින් පත් වූ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු සහභාගී වී සිටියහ. වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ නවක මන්ත‍්‍රීවරුන් ලෙස මංජුල බණ්ඩාර, එල්. එම්. එම්. මොහොමඞ්, ඉනෝක් තුෂාර පතිරගේ, ධර්මසිරි ඇරැව්ගොඩ, ජූඞ් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් ලෙස ආනන්ද චන්ද්‍රලාල් සහ මල්රාජ් පීරිස් යන මහත්වරුන්ද ඊයේ පැවැති පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියහ.

වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය ලෙස පත් වූ ලක්ෂ්මන් වේඩරුව මහතා අමාත්‍යවරුන් සදහා වෙන්කර ඇති ඉදිරිපෙළ ආසනවල පළමුවරට අසුන්ගෙන සිටි අතර , විපක්ෂනායක ලෙස පත් වූ ශමල් සෙනරත් මහතාට සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස පත් වූ චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතාටද අසුන්ගැනීම සදහා ඊයේ පළාත් සභා රැස්වීමේදී ඉදිරිපෙළෙහි ආසන පනවා තිබිණි.

pssep22 pssep221 pssep222 pssep223


 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article