Saturday, January 18, 2025

වයඹ පලාත් සභාවෙන් පාලනය වන පුත්තලම රෝහල් වලට සේවකයින්ට අතිකාල ගෙවා නෑ

Must read

sil-07-09-strike
වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පුත්තලම දිසාවේ රෝහල් වල සේවය කරණු ලබන කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මේ මස 5 සහ 6 යන දින දෙක  තුළ අසනීප නිවාඩු ලබා රාජකාරි කටයුතු වලින් බැහැරව සිටිමට තීරණය කර ඇත. 2020 වසරේ ඔක්තෝබර් මස වයඹ පළාත් සභ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු පළාත් සභා පාලනය යටතේ ක්‍රියාත්මක රෝහල් වල සේවය කරන කණිෂ්ඨ සේවකයින් වෙත අතිකාල දීමනා එම වසරේ දෙසැම්බර් මස මාසික වැටුප සමග ගෙවිය යුතු වුවත් එම මුදල නොමැතිව තමන් වෙත ගෙවා ඇත්තේ මාසික වැටුප  පමණක් බවත් අතිකාල දීමනා සදහා ගෙවිය යුතු මුදල මේ දක්වා නොගෙවා ඇති බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛය සේවා සංගමයේ වයඹ පළාත් සංවිධායක උපාලි සදසිරි මහතා කියයි.
මේ නිසා තමන් නත්තල මෙන්ම අවුරුදු උදාවද ගත කිරිමේ දි ගැටළු රැසකට මුහුණ දුන් අතර මෙම අතිකාල දිමානව කඩිනමින් ගෙවන ලෙසට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙතින් තම සංගමය ලිඛිතව ඉල්ලා සිටි නමුත් මේ දක්වා ඊට නිසි සතුටුදායක පිලිතුරක් නොලද බවත් අදාළ බලදාරින් පවසනුයේ මුදල් නොමැති නිසා පමාවත් සිදුවන බවත් බවත් ඒ මහතා කිය.
මේ අනුව එම අතිකාල මුදල් ලබා දෙන තුරු වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් වශයෙන් මේ මස 5 සහ 6 දෙදින තුළ තමන් සේවයට වාර්තා නොකර අසනිප නිවාඩු ලබා ගන්නා බවත් ඊට අමතරව බලධාරින්ගේ අවධානය ලබා ගැනීම පිණිස අද ( 5දා ) ආහාර විවේකයේ දි මාරාවිල මුළික රෝහලේ දි විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්  පළාත් සංවිධායක උපාලි සදසිරි මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article