Friday, November 22, 2024

වයඹ ජනකලා අධ්‍යක්ෂ – වසර දොළහක් හිරේට !

Must read

බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ වයඹ ජනකලා කේන්ද්‍රයේ කළමණාකාර අධ්‍යක්ෂ චන්දන ගරුසිංහ නැමැති අයට බරපතල වැඩ සහිත වසර දොළහක සිර දඩුවමක් හා රුපියල් විසිපන්දහසක දඩයක් නියමකළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා වින්දිත පාර්ශවයට රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියම කළේය.

විත්තිකාර චන්දන ගරුසිංහ නැමැති අය විසින් 2008 වසරේදී හෙට්ටිපොළ ප‍්‍රදේශයේ 16 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට හෙට්ටිපොල පොලිසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සහ කුලියාපිටිය පළාත්බද මහාධිකරණයේදී වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාගයට ගැනුණු මෙම නඩුවෙහි තීන්දුව ඊයේ (04 දා ප‍්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකාර චන්දන ගරුසිංහ නැමැත්තාට මෙලෙස සිර දඩුවම් සහ දඩ නියම කළේය.

විත්තිකරු විසින් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් වෙන් වෙන්ව ගෙවී යන පරිදි වසර හතරක අමතර සිරදඩුවමක්ද , දඩමුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිරදඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියම කළේය.

කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැති මෙම නඩුවේ මූලික සාක්ෂි විභාගයේදී නීතිඥ චම්පික ලසිත කුමාර මහතා පෙනී සිටි අතර මහාධිකරණයේදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිතිඥ සුදත් විජේවික‍්‍රම මහතා පෙනී සිටියේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article