Sunday, January 19, 2025

වයඹ ඔසුසැල් වල ඖෂධ හිඟයක් !

Must read

medichine.jpgපනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් සපයාගත නොහැකිව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ වෙළඳසැල් හිමිවරු ප්‍රකාශ කරති.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඖෂධ වර්ග බෙදාහැරීම සිදු කරන නියෝජිතයන්ට ඖෂධ බෙදාහැරීමට නොහැකි වීමෙන් ඖෂධ අලෙවිසැල් බොහෝමයක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔවුහු පෙන්වා දෙති .
ඇඳිරි නීතියට බියෙන් ජනතාව වෙනදා මිළදී ගන්නි ප්‍රමාණයටත් වඩා ඖෂධ මිලදී ගැනීමට පෙළඹීමෙන් අලෙවිසැල්වල ඖෂධ රැසක්ම හිඟව පවතින බවද ඔවුහු කියති .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ  තමන් සතුව ඖෂධ ප්‍රමාණවත් තරම් ඇතත් ඇඳිරි නීතිය හේතුවෙන් ඒවා බෙදා හැරීමට නොහැකිව සිටින බවය.
මෙම සේවාවද ජනතාවට අත්‍යාවශ්‍යම සේවාවක් වන බැවින් එම ක්ෂේත්‍රය සඳහාද ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමය පවසයි .
lankadeepa.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article