2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් හෙට (05 දා) වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට පෙරවරු 9.30 ට වයඹ පළාත් සභාවේ සශ්රී ශාලාවේදී රැස්වෙන පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරෙන එම අයවැය හයවැනි වයඹ පළාත් සභාවේ පස්වැනි අයවැය වෙයි. අයවැය විවාදය ලබන 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අයවැය පිළිබද ඡන්ද විමසීම ලබන 08 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.