පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශය පිළිබද නීතිමය තත්වය පිලිබඳ විමසීම් ගණනාවක් තිබූ නිසා ඊට ප්‍රරතිචාර ලෙස මෙසේ කරුනු දක්වමි.
මේ භූමිය රජයේ ඉඩමක්ද නැතිනම් පුද්ගලික ඉඩමක්ද යන්න මෙතැනදී වැදගත් වන්නේ එය රජයේ ඉඩමක් නම් ඊට වන සංරක්ශන ආඥා පනතේ ප්‍රුතිපාදනයන්,විශේශයෙන්ම 20 වන වගන්තිය අදාල වන නිසාය.
මෙය රජයේ ඉඩමක් වුවත්,පුද්ගලික ඉඩමක් වුවත්,ඇතැමෙකු කියන පරිදි බලපත්‍රයකින් ලද ඉඩමක් වුවත්,ඊට ජාතික පාරිසරික පනත එකසේ අදාල වේ.
ජාතික පාරිසරික පනතේ 23ආ වගන්තිය සහ එම පනත යටතේ තිබෙන 1993.06.24 දිනැති අංක 772/22 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝගයන්හි දක්වා තිබෙන අනුමැතිය ලබාගත යුතු ව්‍යාපෘති ගොන්නට මෙවන් වනාන්තර ඉඩම් වනාන්තර නොවන කාර්‍යයන් සඳහා යොදා ගන්නා අවස්ථා ඇතුලත් වේ.ඇතැම් විට භූමියක පසුව කරන කටයුත්තක් පවා මෙලෙස අනුමැතිය ලබාගත යුතු ව්‍යාපෘතියන් වන අවස්ථාත් තිබේ.
එසේ අනුමැතිය ලබාගැනීම සඳහා ව්‍යාපෘතිය ආරම්හ කිරීමට පෙර එයට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේශන වාර්තාවක් සකස්කොට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කල යුතු වේ.
මේ අවස්ථාවේදී එවැන්නක් සිදුකර නොමැති නිසා මෙය මුලුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව පැහැදිලි වේ.
එවන් අවස්ථාවලදී ක්‍රියා කලයුතු ආකාරය ජාතික පාරිසරික පනතේ 24ආ වගන්තියේ දක්වා තිබේ.ඒ අනුව මෙම කටයුත්ත වහාම නතරකිරීමට විධානයක් නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතු වේ.එමෙන්ම මෙම විධානයට යමෙක් අවනත නොවී කටයුතු කරන්නේ නම් පනතේ 24ආ(2) උප-වගන්තිය අනුව ක්‍රි්‍යාත්මක වෙමින් මෙය ප්‍රදේශයට බලය තිබෙන මහේස්ත්‍රාත් අධිකරනය වෙත කරුනු ඉදිරිපත් කර එම කටයුත්ත තහනම් කරන ලෙස අදිකරන ආඥාවක් ලබා ගැනීමට ක්‍රියා කල හැක.
නමුත්,මේ ප්‍රදේශය තිබෙන්නේ වයඹ පලාත තුල නිසා වයඹ පලාත් පරිසර ප්‍රඥප්තිය යටතේත් මීට එරෙහිව ක්‍රියා කල හැකිවේ.එමෙන්ම වයඹ පලාත තුල ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රඥප්තිය පමනක් බවත් එම ප්‍රඥප්තිය යටතේ පිහිටුවා තිබෙන ආයතනය වන වයඹ පලාත් පරිසර අධිකාරිය විසින් පවසන්නේ කලක් සිටය.
ඒ කෙසේ වෙතත්,වයඹ පලාත් පරිසර ප්‍රඥප්තියේ 51 වන වගන්තිය යටතේත් මෙය වහාම නතර කරන ලෙස විධානයක් කිරීමටත්,එය අවශ්‍ය නම් අධිකරනයෙන් අධිකරන නියෝගයක් ලෙස බලාත්මක කර ගැනීමටත් හැකිය.බලය තිබෙන්නේ තමන් සතු වගකීම් සහ යුතුකම් ඉටුකිරීමටයි.ඒ නිසා තම පලාත තුල අනන්‍යව තිබෙනවා යැයි වයඹ පලාත් පරිසර අධිකාරිය විසින් ප්‍රකාශකරන බලය පාවිච්චි කරමින් ඔවුන්ට මෙම විනාශයන් වලක්වාලීමේ විශාලතම වගකීම මේ නිසා හිමිවී තිබේ.එය එසේ සිදුවේද යන්නත් විමසා බැලීමට මෙය තවත් අවස්ථාවකි.
මෙම චායාරූප නම සඳහන් කිරීමට අකමැති හිතවතෙකු ලබදුන් ඒවා මිස මාධ්‍යයෙන් ලබාගත් ඒවා නොවේ.මෙහි ගස් පුලුස්සා ඉන් පසු කපා දමා තිබෙන බව චායාරූප දෙකකින් පැහැදිලිව පෙන්නුම් කෙරේ. මෙම ගින්න අහඹු ගින්නක් නොව සිතා මතා කල ගිනි තැබීමක් බවත්,එහි පරමාර්ථය භුමිය අල්ලා ගැනීම බවත් පසුව ගස් කපා තිබීම,ගස්වල කොටස් එකතු කර තිබීම මෙන්ම,භූමියේ කොටසක් සුද්ධ කර තිබීමෙන් පැහැදිලි වේ.
ජගත් ගුණවර්ධන