අගල් 08 ත් 10 ත් අතර දිගකින් යුත් යෝධ දළඹුවෙකු හමුවූ බව පුත්තලම – වනාතවිල්ලුව ප්රදේශයේ පොල් වත්තක සිට අගල් 08 ත් 10 ත් අතර දිගකින් යුත් යෝධ දළඹුවෙකු හමුවී. මෙම දළඹුවාගේ ශරීරයේ හොදින් වැඩුණූ කෙදි සහිත ලොම් වලින් ගහන බවත්, හිස තද දම් පැහැයක් හා කුස ප්රදේශය කළු සහ දුඹුරු වර්ණයෙන් යුක්ත බවද පොල් වත්තේ හිමිකරු සදහන් කරයි.
ජනවහරට අනුව පොළොන් දළඹුවා යනුවෙන් මෙම සත්ත්වයා හදුන්වයි. ප්රදේශවාසීන් සදහන් කරන ආකාරයට උග්ර විෂ සහිත මෙම දළඹු වර්ගය කාලයකින් දක්නට ලැබී නැත.
ඡායා – ජූඩ් සමන්ත