කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පාලනය කෙරෙන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයකින් දැනුම් දී ඇත. එම නිසා අපහසුතාවයට පත්වන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස වල පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනවෙන්කිරීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද නිවේදනය මගින් දැනුම් දී ඇත.