Sunday, January 19, 2025

වට්ටක්කා වගාව බේරාගැනීමට ගොස් ගොවියෙක් වල් අලියෙකුට බිලිවෙයි

Must read

02(1) 03(2) 05(1)
වන අලියෙකු විසින් සිදු කරන ලද පහර දීමකින් ආඩිගම – නගවිල ප්‍රදේශයේ  ගොවියෙකු මිය ගොස්  තිබේ.  21 වැනිදා අළුයම 1.00 ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ නාගවිල – ආඩිගම පදිංචිව සිටි ගාමිණී ගුණවර්ධන (අවු:65) නම් අවිවාහක අයෙකි. තම සහෝදිරයකගේ නිවසේ වාසය කර ඇති මිය ගිය අය හිතවතෙකුට අයත් ඉඩමක වට්ටක්කා වගාවක් සිදු කර ඇත.එම වගාව රැක ගැනීම සදහා ඒ ආසන්නයේ කුඩා පැලක් සාදා ගෙන ඔහු රාත්‍රීය ගත කරමින් සිටින විට පැමිණ ඇති වන අලියෙකු ප්‍රහාරය එල්ල කර ඇත.

සිද්ධිය ඇසින් දුටු ප්‍රේමසිරි යන අය මෙසේ පැවසීය.”ගාමිණී අයියා වට්ටක්කා වගා කරන තියන තැනට ආසනයෙන් මම ගඩොල් කපමින් සිටියා.අලියා කෑ ගහන ශබ්දයට ගාමිණී අයියා පැලෙන් එළියට ආවා.ඒ සමගම අලියා ගාමිණී අයියාට පහර දීලා ටික දුරක් ඇදගෙන ගියා.මම කෑ ගහලා අවට පදිංචිකරුවන්ව කැදවලා වන අලියාව පලවා හැරීමට කටයුතු කලා.ඊට පස්සේ අපි 1990 ගිලන් රථයට කථා කරලා ගෙන්වා ගත්තා.ඒ අය ගාමිණී අයියව පරීක්ෂා කරලා කිව්වා ඔහු මිය ගොස් ඇති බව.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජේ.ඒ.ජානක මහතා මෙසේ පැවසීය.”මීට කලින් අපේ ගමට වන අලින් ඇවිත් තියනවා.නමුත් ඒ අගෝස්තු මාසයේදී.මේ අවුරුද්දේ තමයි ජනවාරි මාසයේම වන අලින් ආවේ.අපේ ගමේ වගාවන්ට නම් මීට පෙර වන අලි හානි කර තිබුණා.නමුත් මිනිස් ජීවිතයක් බිළිගත් පළමු වන වතාවයි මේ.දැන ගැනීමට තියන ආකාරයට අවට ගම් වලට පසුගිය දිනවල වැදී සිටින වන අලින් තමයි දැන් අපේ ගමටත් ඇවිත් ඉන්නේ.අපි කියන්නේ ඉක්මනින් මේ වන අලින් පලවා දෙන්න කියන එකයි.මොකද මේ වෙන කොට අපි වගා කටයුතු කරලා අස්වැන්න නෙලන්න සුදානම් වෙන කාලේ.අලි පැනලා ඒ වගාව විනාශ කරලා දැම්මහම කොහොමද අපි ජීවත් වෙන්නේ.ඉක්මනින් මේ වන අලින් පන්නලා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ.”


ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article