Saturday, January 18, 2025

වගා පාලු කළ රිලවුන් රංචුවක් අල්ලා ජන ශුන්‍ය පෙදෙසකට මුදා හරියි

Must read

03 (10) 02 (1) (2) 05 (8)

පුත්තලම – සිරම්බිඅඩිය ගම්මානායට කඩා වැදී වගාවන් පාළු කරන රිලවුන්  කණ්ඩායමක් අල්ලා ගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් මුදා හැරීමට වන ජීව දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත.

වසර කීපයක සිට තම ගම්මානයට කඩා වදින රිලා රංචුවක් නිසා වගා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවීඇති බව එම ගම්වාසීන් වන ජීවී නිලධාරීන්ට පැමිණිළි කර ඇත.ඒ අනුව මෙම රිලා රුචුව අල්ලා ගැනීම සදහා ඒ වෙනුවෙන්ම විශේෂිත කූඩුවක් වන ජීවී නිලධාරීන් විසින් නිර්මාණය කර ඇත.

අනතුරුව එම කූඩු කීපයක් සිරම්බිඅඩිය ගම්මානයේ  ස්ථාන කීපයක තැබීමෙන්රි පසු රිලා කණ්ඩායමේ නායකයා ඇතුළු 20 දෙනෙකු පමණ දිනක් ඇතුළත කොටු කර ගැනීමට වන ජීවී නිලධාරීන් සමත් වී ඇත. පසුව එම රිලා කණ්ඩායම වන ශුන්‍ය සත්ත්ව වාසයට සුදුසු ප්‍රදේශයකට මුදා හැරීම සදහා රැගෙන යාමටද වන ජීවී නිලධාරීන් කටයුතු කරන ලදී. රිලවුන් සහ  වදුරු උවදුර හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇත.පොල් වගාවන්ට වලට රිලා සහ වදුරන්ගේ දැඩි ලෙස හානි කිරීම සිදු කරති.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article