Sunday, November 24, 2024

ලොරියෙන් ඇවිත් මාල කඩන ඩබලක් කුරුණෑගලදී කොටුවෙති.

Must read

lorry_rob

කුරුණෑගල, මුත්තෙට්ටුගල, පහළ ගැට්ටුවාන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් කඩාගෙන ලොරි රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පසුගියදා 15 වැනිදා උදෑසන වදුරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගලේවෙල සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40 සහ 42 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි. අදාල කාන්තාව සිය නිවස ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ සිටියදී එතැනට පැමිණි එක් සැකකරුවෙකු විසින් මාලය කඩාගෙන ඇති බවත්, අනෙක් සැකකරු විසින් පදවාගෙන පැමිණි ලොරි රථයට නැග හෙතෙම පලාගොස් ඇති බවත් පොලිසිය කියයි. වහා ක්‍රියාත්මක වී ඇති අදාල කාන්තාව සහ ඇගේ සොයුරා විසින් සැකකරුවන් පලාගිය ලොරිය පසුපස ත්‍රිරෝද රථයකින් හඹාගොස්, එහි ලියාපදිංචි අංකය පොලිස් හදිසි ඇමැතුම් අංශය වෙත දැනුම් දී තිබේ. පොලිස් හදිසි ඇමැතුම් අංශය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ඒ වනවිට වදුරාගල ප්‍රදේශයේ මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිලධාරින් දෙදෙනෙකු විසින් අදාල වාහනය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් භාරයේ තිබූ රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් රන් මාලයද පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇති අතර කොල්ලකෑමට යොදාගත් ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබේ. රන් මාලය කොල්ල කා විනාඩි විස්සක පමණ කෙටි කාලයක් ඇතුළත කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවීම විශේෂත්වයක් ‍වෙයි.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය මත, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් , පොලිස් සැරයන් අජිත් ( 29590) සහ පොලිස් කොස්තාපල් රත්නායක (39554) යන රථවාහන අංශ නිලධාරිහු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කොල්ලකෑමට යොදාගත් ලොරි රථය, අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සහ කොල්ල කෑ රන්මාලය පහත ඡායාරූපවලින් දැක්වෙයි.

lorry_rob_3

lorry_rob_1

lorry_rob_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article