Saturday, January 18, 2025

ලුණුවිල දුම්රිය ස්ථානයෙත් දැන් මගීන් වෙනුවෙන් රථ ගාලක්

Must read

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංකල්පයක් වන park & Ride තේමාවට අනුව මගීන්ට සිය පුද්ගලික වාහන ඉතාම අඩුමුදලකට නවතා තබා දුම්රියේ ගමන්කිරීම පහසු කිරීම වෙනුවෙන් ලුණුවිල දුම්රිය ස්ථානයේද නව රථගාලක් ආරම්භ කර තිබේ. මෙම රථ ගාලේ යතුරුපැදි, පා පැදි,ත්‍රීරෝද රථ ,කාර්,වෑන් යන වාහන ගාල්කිරීමේ පහසුකම් ඇත. දින කීපයක් වුවද මගීන්ට සිය වාහන නවතා තැබීමේ පහසුකමද මෙම දුම්රිය ස්ථානයේ පවතින අතර වැඩි දින ගණනක් නවතා තබන වාහන සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ පාලනාධිකාරිය වගකීම දරනු ලබයි.දෛනිකව නවතා යන වාහන උදේ සිට අවසාන කෝච්චිය දක්වා කාලය වනතෙක් නවතා තැබිය හැකි වන අතර විශේෂ අවස්ථාවකදී දුම්රිය ස්ථානයේ නිලධාරීන් දැනුවත් කර කාලය දික්කර ගැනීමේ හැකියාව සලසා තිබේ. මේ වනවිට මෙම සංකල්පයට අනුව දුම්රිය ස්ථාන 11ක පමණ මේ වනවිට රථගාල් ආරම්භ කර තිබේ.
ලුණුවිල දුම්රිය ස්ථානයේ ඉතිහාසය වසර 100ක් පමණ පැරණි වන අතර ලුණුවිල පිහිටා තිබූ තේල් මෝලක් ආශ්‍රිතව සිදුකෙරුණ නිශ්පාදන ප්‍රවාහනය හා සම්බන්ධ රාජකාරී වෙනුවෙන් මෙම දුම්රිය ස්ථානය ආරම්භ කර ඇත. මේ වනවිටත් ලුණුවිල පිහිටා ඇති පොල් පර්යේෂනාගාරයේ පොල් සහ පොල් පැල ප්‍රවාහනය මෙම දුම්රිය ස්ථානය හරහා සිදුකිරීම විශේෂත්වයකි. ලුණුවිල දුම්රිය ස්ථානයෙන් දිනකට දුම්රිය මගීන් 600ක් පමණ ගමන් ගන්නා අතර දුම්රිය ‍ 26 ක් දුම්රිය ස්ථනය හරහා ගමන් කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article