Sunday, January 19, 2025

ලැප්ටොප් එකක් සොයා පොලිසිය කුරුණෑගල වැව පීරයි ! ( ඡායාරූප )

Must read

විශ්ව විද්‍යාලයේ අවසන් වසර විභාගයට සැරසෙමින් සිටි සිය බිරිදගේ නැගණියගේ ( නෑනාගේ) ලැප්ටොප් පරිගණකය සොරකම් කර කුරුණෑගල වැවට විසි කළ නරුම මස්සිනෙකු අමන වැඩක් හේතුවෙන් අදාළ පරිගණකය සොයා කුරුණෑගල වැව පීරීමට කුරුණෑගල පොලිසියට අද උදෑසන සිදු විය.

මල්කඩුවාව, බමුණාවල ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සොරකම්කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සිරදඩුවම් ලබා සිටින අයෙකු බවත්, තවත් සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට අවශ්‍ය කර සිටින බවත් පොලිසිය කියයි.

පසුගිය දිනෙක තමාට අයත් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ විශ්ව විද්‍යාල දේශණ සහිත ලැප්ටොප් පරිගණකය සොරකම් කර ඇති බව පවසමින් මෙම පුද්ගලයාගේ නෑනා විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. අදාළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්නකිරීම්වලදී රන් භාණ්ඩ තොගය උගස් තැබූ බවත් ලැප්ටොප් පරිගණකය කුරුණෑගල වැවට විසි කළ බවටත් ඔහු විසින් හෙළි කර තිබේ.

ඒ අනුව කුරුණෑගල නගරයේ පිහිටි උගස් මධ්‍යස්ථාන කිහිපකට උගස් කර තිබූ අදාළ රන් ආභරණ තොගය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ ලැප්ටොප් පරිගණකය සොයාගැනීම සදහා කිමිදුම්කරුවන් පිරිසක් යොදවා පොලිසිය විසින් අද උදෑසන කුරුණෑගල වැව දැඩි සෝදිසිකට ලක්කරනු ලැබීය. අදාළ සැකකරුද පොලිස් ජීප් රථයක නංවාගෙන එම ස්ථානයට රැගෙනවිත් තිබූ අතර ඔහු විසින් පෙන් වූ ස්ථානයන්හි පැය දෙකකට අධික වේලාවක් කිමිදුම්කරුවන් විසින් සෝදිසි කළ නමුත් අදාළ පරිගණකය හමුනොවීය.

පොලිසිය විසින් සිය උත්සාහය අත්හැරදැමීමට සූදානමින් සිටි අවස්ථාවේදී එහි පැමිණි කුඩා දරුවෙකු වැවෙහි වෙනත් ස්ථානයක් පෙන්වා එතැන දමා ගොස් තිබූ ලැප්ටොප් බෑගයක් තමා විසින් ගෙදර ගෙන ගිය බව පැවසීය. එම දරුවා පෙන් වූ ස්ථානය සෝදිසි කළ කිමිදුම්කරුවන්ට විනාඩි පහක් ගතවීමටත් මත්තෙන් අදාළ ලැප්ටොප් පරිගණකය සොයාගැනීමට හැකි විය.

මෙසේ පොලිසියට උදව්කිරීමට ඉදිරිපත් වූයේ කුරුණෑගල ලක්දාස ද මැල් මහා විද්‍යාලයේ 2 වැනි වසරෙහි ඉගෙනුම ලබමින් සිටින කල්ප හර්ෂණ බණ්ඩාර නැමැති සත් හැවිරිදි දරුවෙකි.

අදාළ පරිගණකය පොලිස් භාරයට ගත් අතර සැකකාර මස්සිනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

ඡායාරූප
නිරෝෂන් ජයතිස්ස

8/27/2015 10:36 PM 8/27/2015 10:27 PM 8/27/2015 10:38 PM 8/27/2015 11:21 PM8/27/2015 11:05 PM8/27/2015 11:39 PM8/27/2015 11:39 PM8/27/2015 11:40 PM8/27/2015 11:42 PM8/27/2015 11:48 PM










 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article