Saturday, January 18, 2025

” ලාල් පළාත් සභාවෙන් අයින් වුණේ ඊට වඩා ලොකු වැඩකට. ” අනුර කියයි.

Must read

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය මන්ත්‍රීධූ‍රයෙන් ඉල්ලා අස්වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී ගනු ලබන වැදගත් දේශපාලන ක්‍රියාමාර්ග වෙනුවෙන් බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

අනුර කුමාර දිසානායක මහතා ‍මේ බව ප්‍රකාශ කළේ මීට ටික වේලාවකට පෙර ඔහුගේ ‍‍ෆේස්බුක් පිටුවෙහි තබන සටහනකිනි.

ලාල්කාන්ත මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව ඇතැමුන් විසින් ද්වේශසහගත ලෙස ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවත් ඒ අයට ඒ ආකාරයෙන් සතුටුවීමට තමාගෙන් බාධාවක් නැති බවත් එම සටහනෙහි සදහන් වී තිබේ.

දේශපාලනය යනු මන්ත්‍රීධුරයක් යැයි සිතා සිටින පුද්ගලයින්ට පක්ෂයක් විසින් ගන්නා ජාතික දේශපාලන තීන්දු තීරණ පිළිබඳව විග්‍රහ කරගැනීමට නොහැකි බව අපි දන්නා බවද ජවිපෙ නායකයා විසින් තබා ඇති කෙටි සටහනෙහි සදහන් ‍වේ.

අනුර කුමාර දිසානායක මහතා විසින් සිය ‍‍ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන මෙසේය.

“සහෝදරයා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව විශාල ආන්දෝලනයක් මතුව තිබේ. ඇතැම් අය ඒ පිළිබඳව සතුටු වෙති. ඔවුහු ද්වේශසහගත ලෙස ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරති. ඒ අයට ඒ ආකාරයෙන් සතුටුවීම පිළිබඳව අපෙන් බාධාවක් නොමැත.

දේශපාලනය යනු මන්ත්‍රීධුරයක් යැයි සිතා සිටින පුද්ගලයින්ට, පක්ෂයක් විසින් ගන්නා ජාතික දේශපාලන තීන්දු තීරණ පිළිබඳව විග්‍රහ කරගැනීමට නොහැකි බව අපි දනිමු. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී ගනු ලබන වැදගත් දේශපාලන ක්‍රියාමාර්ග වෙනුවෙන් ලාල් සහෝදරයා සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වූ බව මෙහි සටහන් කර තබමු.”

anura

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article