Saturday, January 18, 2025

ලබන වසරේදී වයඹට ගුවන් තොටුපළක් !

Must read

රට තුළ සිදුකෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් සදහා යොදාගැනීමට හැකි වන පරිදි පුත්තලම,පාලවිය ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ලබන වසරේදී නවීකරණය ‍කෙරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාලවිය ගුවන් තොටුපළෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අභ්‍යන්තර ගුවන් ගමන් ජනතාවට වඩාත් සමීප කරවීම පිණිස මෙවර අයවැයෙන් වෙන් කර ඇත මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් පුත්තලම ,බදුල්ල සහ දිගන ප්‍රදේශවල නව ගුවන් තොටුපොලවල් තුනක් ඉදිකිරීමට නියමිත බවත්,ඒ අනුව පුත්තලම පාලවිය ගුවන් තොටුපල සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කල්පිටිය සහ විල්පත්තුව ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා මෙම අභ්‍යන්තර ගුවන් සේවාව යොදාගැනීමට නියමිත බවත් , ඒ තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා කීය.ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේදී ජන ජීවිතයට සිදුවන බලපෑම් අවමකිරීම පිණිස දැනට පාලවිය ගුවන් තොටුපොළ සතු ඉඩම් පමණක් හැකිතාක් දුරට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත්,නව තාක්ෂණ ක්‍රමවේදවලට අනුකූලව නවීන තාක්ෂණික අංගෝපාංග සවිකර ගුවන් තොටුපොළ පුඵල් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.පාලවිය ගුවන් තොටුපළ සංවර්ධන කිරීම අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත බවත්,පළමු අදියරේදී මගීන් 25දෙනකු සහිත ගුවන් යානාවක් ගොඩ බැස්සවිය හැකි ධාවන පථයක් සහ ඊට අදාල පහසුකම් සකස් කිරීම සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“පෞද්ගලික අංශයේ විශාල ඉල්ලීමක් තියෙනවා අඩුම තරමේ ආසන 10,15,20 වගේ ප්‍රමාණවල ගුවන් යානාවලට ගොඩබැස්සවීම් කළ හැකි ගුවන්පථයක් ලෙස මෙම ස්ථානයේ සකස් කරන්න කියලා. නමුත් අපේ අරමුණවෙලා තියෙන්නේ මේ පුලුල් කිරීමේ කටයුතු අවසන් වෙනකොට මගීන් 60 දෙනකුවත් රැගෙන එන ගුවන් යානාවක් ගොඩ බැස්සවිය හැකි ගුවන් පථයක් සකස් කරන්නටයි. “

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරින් ,ගුවන් හමුදා නිලධාරීන් සහ ක්ෂේත්‍රය පිළිබද අත්දැකීම් ඇති විශේෂඥයින් පිරිසක්ද ඇමැතිවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්වී සිටි අතර,පාලවිය ගුවන් තොටුපොල අභ්‍යන්තර ගුවන් තොටුපොළක් කිරීමේදී ඇති විය හැකි ප්‍රායෝගික ගැටළු සහ තාක්ෂණික ගැටළු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාවක සදහා අමාත්‍ය පියංකර ජයරත්න ,රාජ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන ඒ.එච්.එම් නවවි,ශාන්ත සිසිර කුමාර ,අශෝක ප්‍රියන්ත සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එල්.එච් .එම් චිත්‍රානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

පුත්තලම නලින් හෙන්දුරුගොඩpalawaiya_airpotr2 palawaiya_airpotr1 palawaiya_airpotr3 palawaiya_airpotr4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article