Saturday, January 18, 2025

ලක්ෂ හතක හොර සල්ලි රට පුරා සැරිසරයි. 5000 නෝට්ටු භාවිතයේදී පරිස්සමින් !

Must read

රුපියල් ලක්ෂ හතකට වැඩි වටිනාකමක් සහිත රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු ‍තොගයක් රට පුරා සංසරණය වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් මුදල් නෝට්ටු පරිහරණයේදී ඒ පිළිබදව සැලකිලිමත් වෙන ලෙස බිංගිරිය පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

R /35 – 806692 ,  R /36- 677753 සහ R /39 – 149348 යන කාණ්ඩ තුන යටතේ රුපියල් 5000 නෝට්ටු ලෙස මෙම ව්‍යාජ ‍මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බැවින් රුපියල් 5000 මුදල් නෝට්ටු ගණුදෙණු සදහා යොදාගැනීමට පෙර සහ පසුව අදාල අංක සමග සසදා බලන ලෙසද පොලිසිය ජනතාව වෙත දැනුම් දෙයි.

ඉහත අංක සහිත රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලැබුණහොත් ළගම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබදව දැනුම්දෙන ලෙසද පොලිසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බිංගිරිය සහ හෙටිටිපොල ප‍්‍රදේශ ආශ්‍රිතව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ මාර්ගයෙන් ඔවුන් විසින් කලක් තිස්සේ සූක්ෂ්ම අයුරින් කරගෙන ගිය ව්‍යාජ නෝට්ටු ජාවාරමක සුල මුල හෙළිකර ගැනීමට බිංගිරිය පොලිසිය පෙරේදා (25 දා) සමත් විය.

මෙම සැකකරුවන් සමග ව්‍යාජ ලෙස සකස් කර තිබු හෝර නෝට්ටු 16ක් සහ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් බව කියන ලැප්ටොප් පරිගනකයක් සහ ප‍්‍රින්ටරයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ හොර නෝට්ටු ජාවාරම පිළිබදව පරීක්ෂණ මෙහෙය වූ බිංගිරිය පොලිසිය විසින් අධිකරණයෙන් ඇප ලබා සිටින නිකවැරටිය රස්නායකපුර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ව්‍යාජ නෝට්ටු දෙකක්ද සමග පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත මෙම ජාවාරම මෙහෙය වූ බව කියන තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්  බිංගිරිය, කුරුණැගල සහ ඉබ්බාගමුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

කුලියාපිටිය පොලිස් අධිකාරි කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරි කිර්ති බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත බිංගිරිය පොලිස් ස්ථානාධිති පොලිස් පරික්ෂක ප‍්‍රියන්ත රත්නායක මහතා ඇතුඵ නිලධාරීහු වැඩිදුර පරික්ෂණ සිදු කරති.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

hora salli 1 hora salli 2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article