Sunday, January 19, 2025

ලක්ෂ තුනක රන් බඩු සොරකම් කර පෙම්වතියට තෑගි කළ චීවරධාරියෙකු මාට්ටු !

Must read

rideegama_robbery_01තම දායිකාවකගේ නිවසට ඇතුලු වී එහි තිබූ රුපියල් ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන තම පෙම්වතියට තෑගි කළ බව කියන චීවරධාරියෙකු රිදීගම පොලිසියේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත්හ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ වැසී ගිය පන්සල් විවෘත කරමින් යන බව කියමින් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන ගණනාවක වාසය කර ඇති චීවරධාරියෙකි.

මෙම පුද්ගලයා මීට මාසයකට පමණ පෙර එවකට වැසී ගොස් තිබූ කිරිබත්ගල්ල, කන්දේගම විහාරස්ථානයට පැමිණ එහි නැවතී ඇති අතර ඒ අවට දායක දායිකාවන් විසින් මෙම චීවරධාරියාට දානය සහ සෙසු පහසුකම් සපයමින් ඇප උපස්ථාන කර තිබේ. එලෙස සිටියදී මෙම චීවරධාරියා පසුගිය අගෝස්තු මස 05 වැනිදා පන්සල ආසන්නයේ පිහිටි දායිකාවගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම කාන්තාව මෙම චීවරධාරියා නිවස තුළට කැදවා ගිලන්පස පිළිගැන්වීමෙන් අනතුරුව දැහැත් පිළිගැන්වීම සදහා බුලත් කොළයක් කඩාගැනීමට නිවස පිටුපසට ගොස් තිබේ. එම අවස්ථාවේදී කිසිවෙකුත් නොසිටි නිවසේ කාමරයකට ඇතුලු වූ මෙම සැකකරු විසින් එහි අල්මාරියක තැන්පත් කර තිබූ රන් අභරණ පෙට්ටියක් සොරාගෙන චීවරයෙහි සගවාගෙන නිවසින් පිටවී ගොස් තිබේ. ඉන් දින කිහිපයකට පසුව මෙම චීවරධාරියා කන්දේගම විහාරස්ථානයෙන් හිටිහැටියේ අතුරුදන් වී ඇති අතර ඒ පිළිබදව සැක පහළ කළ අදාළ කාන්තාව තම රන් අභරණ පෙට්ටිය පිළිබද සොයාබැලීමේදී එය අතුරුදන් වී ඇති බව දැක රිදීගම පොලිසිය වෙත පැමිණ ඒ පිළිබද පැමිණිලි කර තිබේ.

සැකකාර චීවරධාරියා විසින් ගම්වාසීන්ට ලබා දී තිබූ ජංගම දුරකථන අංකයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරින් දොළොස්බාගේ, මල්ගොල්ල ප‍්‍රදේශයේ පිහිටි කදුකර විහාරස්ථානයක සැගවී සිටි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. තමන් විසින් සොරාගත් රණ් භාණ්ඩ මාතලේ, නාඋල ප‍්‍රදේශයේ වාසය කරන තම පෙම්වතියට තෑගි කළ බවට පොලිසිය ඔහුගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී පාපොච්චාරණය කර තිබේ. එම කාන්තාවද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇය සන්තකයේ තිබූ සොරකම් කළ රන් භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් භාණ්ඩ කිහිපයක් මාතලේ නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට උගස් කර තිබියදී සොයාගෙන තිබේ.

මෙම චීවරධාරියා මීට පෙර වාසය කර ඇති ගාල්ල, ගලේවෙල, ගම්පොළ ආදි ප‍්‍රදේශවල පිහිටි විහාරස්ථානවලදීත් මෙවැනි සොරකම් සිදුකර ඇතිදැයි අනාවරණය කරගැනීම සදහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් චීවරධාරියා සොරකම් කිරීමේ චෝදනාව යටතේත්, ඔහුගේ පෙම්වතිය බව කියන නාඋල ප‍්‍රදේශයේ පංදිචි 52 හැවිරිදි කාන්තාව සහ මාතලේ නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු හොර බඩු ළග තබාගැනීමේ චෝදනාවන් යටතේත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. ඩී. යූ. කේ. ගුණතිලක මහතා සහ පොලිස් සැරයන් බස්නායක (15584) , පොලිස් කොස්තාපල් ආරියවංශ (55021) සහ චතුරංග (76604) යන නිලධාරීහු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.rideegama_robbery_04 rideegama_robbery_03 rideegama_robbery_02

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article