පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 4 කණුව, සෙල්ලන්කන්දල් පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේදී අද (23) අළුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 33 දෙනකු තුවාල ලැබූහ.
මුලතිව් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්, පුත්තලම සිමෙන්ති සමාගමට අමුද්‍රව්‍ය ප්‍රවාහනය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදු වූ මෙම ප්‍රදේශයේදී මාර්ගය කන්දක් සහිතව පිහිටා ඇති අතර ආදාළ ලොරි රථය එම කන්දේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමින් තිබියදී ඒ පසුපසින් වේගයෙන් පැමිණි ලංගම බස්රථය ලොරියේ පිටුපස කොටසේ ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.
අනතුරෙන් තුවාල ලැබූ බස් රථයෙහි ගමන් කරමින් සිටි මගීන් 33 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ