Saturday, January 18, 2025

ලංකාවේ නීති සම්මත වෙන්න කාට හරි වෙඩි වදින්නම ඕනා

Must read

‍පෙරේදා (18) වනදා නාරම්මලදි රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ වෙඩිපහරින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු එම ස්මිථානයේදී මියයන ලදී. ඊයේ (19) මෙම සිදුවීම පාදක කරගනිමින් සිවිල් ඇදුමින් සැරසී පොලිස් නිලධාරින්ට වාහන නැවැත්වීමට හෝ පරික්ෂා කිරීම් තහනම් කිරීමේ තීරණයක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගෙන තිබේ. ලංකාවේ පොලීසිය අතින් සිදුවූ අපරික්ෂාකාරී පළමු මණය මෙය නොවන අතර කිසිදු නීතිමය සාධාරණයක් ඉටුනොවූ මරන ද තවත් බොහෝ ඇත. පොලිසියේ මෙවැනි වගකිම් විරහිත ක්‍රියාවන් පිටුපස ලංකාවේ ඉතිහාසයේ කලු පැල්ලම්බොහෝ තිබේ.
පොලිස් අත්අඩංගුවේදී සිදුවෙන පහරදීම් නිසා කෙතරම් පුදගලයන් ඝාතනය වි ඇත්ද ? අරගල වලදී නිස්කාරනේ කෙතරම් පුද්ගලයන් වගකිම් විරහිතව මරා දමා ඇතිද? මේ පොලීසියේ නීතියට පිටින් ගොස් ක්‍රියාකිරීමේ සම්ප්‍රදාය නිසාය. මහජනතාව සමග කටයුතු කිරිමේදි පොලිසියට විනයක් නොමැත. පොලිසි වල රාත්‍රියේදි බිමතින් ඕනැ තරම් පුද්ගලයින්ට පහරදෙන සිදුවිම් ඇත. මේවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. පෙරේදා සිදුවූ මෙම සිදුවිම සගවාගැනීමට නොහැකි විම නිසාම මේ වෙනුවෙන් කිසියම් හෝ තිරණයක් ගැනීමට වැඩබලන පොලිස්පති වරයාට සිදුවිය.හේතුව මේ මොහොතේ කාගේ කාගේත් පටි රැකගැනීම වැදගත් වන හෙයිනි.

ඡායාරූපය උපුටාගැනිම – theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article