Saturday, January 18, 2025

ලංකාවේ දී අපතේ යන එළවලු වලට ඉතාලියෙන් ආදර්ශයක් ගත නොහැකිද?

Must read

123997767_3421567477931333_9171497151901092804_o
මෙම ජායාරූපයේ දැක්වෙන්නේ ඉතාලියේ සුපිරි වෙලඳ සැලක විකිනීම සඳහා ශීතකරණ වල තබා ඇති එලවලු    සුප් පැකට් එකකි.  එහි එළවලු වර්ග රැසක් යන්ත්රානුසාරයෙන් කැබලි කර පැකට් කරඇත.මෙය මා හට විශේෂිත වූයේ පසුගිය දිනවල අපේ රටේ එලවලු ගොවීන්ගේ එලවලු කිලෝ ලක්ෂ ගණනක් විකුණා ගැනීමට නොහැකි ව දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ නරක් වී ඉවත දැමීමට සිදුවූ බැවිනි.
ඒ දසුන් සංවේදී සිත් සතන් කම්පනයට ලක් කරන්නක්ම විය.  ගොවියා යනු මාස ගණනාවක් පුරාවටම තම දහදිය හෙලමින් කර්කශ පොලව,අව්ව,වැස්ස සමඟ සටන් කරමින් කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොවී රැකියාවේ යෙදෙන්නෙකි.  ඔවුන්ගේ දහදිය කඳුලු බවට පරිවර්තනය වීම අපි කෙසේ නම් දරා සිටිමුද ?
දඹුල්ලේ එලවලු කුණු වන විට කොලඹ හා තදාසන්න පෙදෙස්වල එළවලු හිගවීම පාලකයින්ගේ කළමනාකරණයේ දුර්වල කමකි.   එය අප වෙනම සාකච්ඡා කල යුතු කරුණකි.

මාගේ මෙම වෑයම , අප රටේත් එලවලු අතිරික්තයක් ඇතිවන අවස්ථාවන් හිදී මෙලෙසින් එලවලු කැබලි කර පැකට් කර අධිශීතකරණ ගත කර කීල්ස්,   ෆුඩ්සිටි,සතොස වැනි සුපිරි වෙලඳ සැල් වලින් විකිනීම කල නොහැක්කේ මන්ද යන්න විමසීමයි.   අපටත් මෙසේ කල හැකි නම් එළවලු මිල පාරිභෝගිකයාටත් ගොවියාටත් අපහසුවක් නොවන පරිදි වසර පුරාවටම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනු ඇත.තවද නාගරික හා අර්ධනාගරික කාර්යබහුල ජීවිත ගත කරන අයටද විවිධ අසනීප වලින් පෙලෙන්නන් හටද මෙය ශරීරයට ඉතා හිතකර හා විනාඩි 10 කින් පමන තම්බා ගත හැකි ආහාරයකි.
ගොවියන් වෙනුවෙන් විශාල හඬක් නගන ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතාගේද අවධානය ට මෙම ලිපිය යොමු කරවන මෙන් හැකියාවක් ඇති අයගෙන් ඉල්ලා සිටිමි. දැනටමත් ලංකාවේ මෙලෙසින් එලවලු කල්තබා ගැනීමේ ක්රමයක් තිබේදැයි මා නොදනිමි.තිබේනම් දඹුල්ලේ එලවලු කිලෝ ලක්ෂ ගණනින් ඉවත දැමීමක් සිදුවනුයේ කෙසේද?
යම් රාජ්ය බලධාරියෙක් හට මේ ගැන ඉතාලියේ අදාල නිෂ්පාදන සමාගම් වෙතින් තොරතුරු තාක්ෂනික දැනුම යනාදිය ලබාගැනීමට අවශ්ය නම් ඒ සඳහා සම්බන්ධීකරණය කරදීමට මා හට පුලුවන් බවද දන්වා සිටිමි.

සටහන –  ලෙස්ලි ලෝව්
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article