Saturday, January 18, 2025

රෝහින්ග්‍යා ප්‍රජාව සමූළ ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගේ අධිකරණයෙන් ‘ සුකී‘ ට චෝදනා

Must read

07678cd3e0c941df87f1cf9c9edfd914_18
නොබෙල් සාම ත්‍යාගලාභී මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ඊයේ හේග් නුවරදී  (11) එරට සුළු ජාතික මුස්ලිම් ප්‍රජාවක් වන රෝහින්ග්‍යා ප්‍රජාව  හමුදාව විසින් සමූලඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු දීමට යුක්තිය සදහා වූ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටියාය. මෙහිදී  ජාත්‍යන්තර අධිකරණය   මියන්මාර් හමුදාව වෙත එල්ල කොට ඇති චෝදනා  අවුන් සාන් සුඛී විසින් ප්‍රතික්ෂේප කර කරමින්  සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ සහ රෝහින්ග්‍යා මුස්ලිම් සුළුතරය නෙරපා හැරීම යන චෝදනා  හමුවේ ජාත්‍යන්තර අධිකරණයේදී (ICJ) කරන ලද ජන සංහාර චෝදනා වලට එරෙහිව මියන්මාරයේ හමුදාව ආරක්ෂා කර සිටියාය.
බුරුමයේ ජාතීන් කීපයක් ජීවත්වන අතර බහුතර ප්‍රජාව අයත්වන්නේ බෞද්ධ ආගමික ප්‍රජාවට වේ.
2017 දී බුරුම හමුදාව විසින් රකේන්  ප්‍රාන්තයේ වෙසෙන රෝහින්ග්‍යා  ප්‍රජාව වෙත එල්ල කරන ලද මර්දනය හමුවේ දහස් ගණන් රෝහින්ග්‍යාවරුන් මියගිය ගිය අතර ලක්ෂ 7 කට අධික ජනතාවක් බංගලාදේශය වෙත පලා යන ලදී.  බුරුම හමුදාව විසින් එම ප්‍රාන්තයේ දියත්කරන ලද මෙහෙයුම්  හා රොහින්ග්‍යා ප්‍රජාවට එල්ල කරන ලද සිවිල් ප්‍රහාර සම්බන්ධව විමර්ශනයක් කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායමක් බුරුමයේ සංචාරය කළ අතර එහිදී රකේන් ප්‍රාන්තයේ ජීවත්වූ මිලියන ගණනක රෝහින්ග්‍යා ප්‍රජාව සමූල ඝාතනය කිරීමට දරන ලද මිලිටරි උත්සාහයන් පිලිබදව සාක්ෂි රැස්කර තිබිණි.
මෙම සමූලඝාතන සම්බන්ධ චෝදනාව මියන්මාර හමුදාවට එරෙහිව එල්ලවී තබේ.  එරට නායිකා, අවුන්සාන් සුකී මියන්මාරය පැවති හමුදාපාලනයෙන් මුදවාගැනීම උදෙසා වසර ගණනක් සිරගතව එරට ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කිරීම උදෙසා විශාල කැපකිරීමක් කළ කාන්තාවකි. ඒ  වෙනුවෙන් ඇයට නොබෙල් සාම සම්මානය ද පිරිනමන ලදී. එනමුත් මෙම රෝහිනග්‍යා මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාරය හමුවේ ඇයගේ හැසිරීම ජාත්‍යන්තරයේ අපකීර්තියට ඇයව පත්කිරීමට හේතුවක් විය.
මෙම සමූල ඝාතන සම්බන්ධ චෝදනා හමුවේ ඊයේ ජාත්‍යන්තර අධිකරණයේ ඇය පවසා සිටියේ මියන්මාර හමුදාව සිවිල් වැසියන් වෙත ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව පිළිගත හැකිබවත් ඒ වෙනුවෙන් ඔවුන් වැරදි පිළිගැනීමට සූදානම් වූවත්,එය සමූලඝාතන චෝදනාවක් වන්නේ කෙසේද යන්නයි._103241766_mediaitem103241765

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article