වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලංකා බොජුන් හල දැන් ඔබ වෙනුවෙන් තවත් සුපිරිම සේවාවක් අරඹයි. ඔබේ හෝ ඔබ පවුලේ සාමාජිකයන්ගේ හෝ විවාහ මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රණීත රසයෙන් යුත් උසස්තම ආහාරපාන සැපයීමට රොලංකා කේටරින් සර්විස් දැන් ඔබ වෙනුවෙන්ම සැදී පැහැදී සිටියි.
විවාහ මංගල උත්සව, උපන්දින හා විවාහ සැමරුම් උත්සව ඇතුළු ඔබ නිවසේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක පවත්වන ඕනෑම උත්සවයක් සඳහා රොලංකා කේටරින් සර්විස් ඔබ කැමති ලෙසට ඔබට රිසි උසස්තම ආහාරපාන ලබා දීමට සූදානම්ව සිටියි. විශේෂයෙන්ම ඔබට වැය කළ හැකි මුදල් ප්‍රමාණය අනුව ඉතාම පහසු අය කිරීම් යටතේ මෙම සේවාව සලසා දීමට රොලංකා කේටරින් සර්විස් සැදී පැහැදී සිටියි.
විශේෂයෙන්ම අවමංගල්‍ය උත්සව සඳහා ද එමෙන්ම දානමය පින්කම් සඳහාද ඔබට කැමති ලෙස, ඔබට රිසි , ආහාර පාන පිළියෙල කර දීමට රොලංකා කෙටරින් දැන් සූදානමි.
දශක ගණනාවක් තිස්සේ ජනතා විශ්වාසය උපරිමයෙන්ම දිනාගත් රොලංකා අවන්හල්වල සේවය කරනු ලබන අති දක්ෂ සූපවේදීන් අතින් දේශීය ක්‍රමයට පිළියෙළ වන රයිස් ඇන්ඩ් කරි මෙන්ම ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, බිරියානි, සහ ලැම්ප් රයිස් ඇතුළු දේශීය ආහාර ද එලෙසම ඉන්දියානු ,චීන සහ යුරෝපීය වැනි ඔබ කැමැති ඕනෑම ආහාර වට්ටෝරුවක් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කර දීමට රොලංකා කේටරින් සර්විස් සැදී පැහැදී සිටියි. එලෙසම රොලංකා කේටරින් වෙතින් පිළියෙල කරන ආහාර පාන වට්ටෝරු වලට යොදා ගනු ලබන්නේ දේශීයව සපයා ගන්නා තත්ත්වයෙන් උසස් හොඳම මස් මාළු එළවළු සහ කුළු බඩු වර්ග නිසාම රොලංකා කේටරින් කෑම බීම වල ගුණාත්මක භාවයද ඉතා ඉහළයි. එලෙසම රොලංකා කේටරින් වෙතින් පිළියෙල වන ආහාර පාන සඳහා කෘතිම වර්ණක හා කෘතිම රස කාරක නොයෙදීම නිසා එම ආහාර පාන වල පිරිසිදු බව සහ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව ද සහතික විය හැක