පුද්ගලික රූපවාහිනී නාලකාවක් මගින් මෙහෙයවන ගීතරු තේරීමේ රියැලිටි වැඩසටහනකින් ඉවත්වූ තරගකරුවෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් එම තරගයේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කල රූකාන්ත ගුණතිලක මහතාට හා එම මහතාගේ මෝටර් රථයට පහරදීමේ සිදුවීමක් වාර්ථා වෙයි.
මෙම පහරදීමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ රථයට බරපතල හානි සිදුව ඇති බව මත්තේගොඩ පෙලීසිය පවසයි.