Friday, November 22, 2024

රිමාන්ඩ් කළ රාජිත සේනාරත්න නිරෝධායන කඳවුරක !

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්

විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ (13) රාත්‍රීයේ රැගෙන යනු ලැබිය. ඒ, නිරෝධායනය සඳහා යොමු කිරීම සඳහාය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාරගත කිරීමට නියම කෙරෙන සියල රැඳවියන් නිරෝධායනය සඳහා වෙන් වූ විශේෂ බන්ධනාගාර කිහිපයක් වෙත යොමු කෙරෙන අතර දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට මාරු කෙරේ.

ඒ අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ බාරවීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ රාත්‍රීයේ කොළඹ මහේස්තත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට මාධ්‍ය හමුවකදී කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා ලබා සිටියි.

මීට අදාල නඩුවෙන් හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින නියෝගය කර තිබිණ.

එහෙත් එම ඇප නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (මැයි 13) අවලංගු කරනු ලැබිය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article