වෙසක් පොහොය නිමිත්තෙන් රිදීගම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ පහන් කූඩු ප්රදර්ශණයක් සහ තරගයක් ඊයේ (27 දා) රාත්රියේදී එම කාර්යාල පරිශ්රයේදී පැවැත්විණි.
මේ සදහා රිදීගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විවිධ අංශ යටතේ සේවයේ නියුතු රාජ්ය නිලධාරින් විසින්, විවිධ තේමාවන් යටතේ නිර්මාණය කර තිබූ පහන් කූඩු ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. පහන්කූඩු තරගයේ ප්රථම, තෙවැනි, සහ සිව්වැනි ස්ථාන ග්රාම නිලධාරින් විසින් ඉදිරිපත් කර තිබූ පහන්කූඩුවලට හිමි වූ අතර, දෙවැනි ස්ථානය ආයතන අංශයට ඉදිරිපත් කළ පහන් කූඩුවටත්, පස්වැනි ස්ථානය ආර්ථික සංවර්ධන නිලධාරින් ඉදිරිපත් කළ පහන් කූඩුවටත් හිමි වි තිබිණි.
රිදීගම ප්රාදේශීය ලේකම්, එච්. එම්. එස්. නවාස් මහතාගේ ප්රධානත්වයෙන් මෙම වෙසක් පහන් කූඩු තරගය සංවිධානය කර තිබිණි.