Sunday, January 19, 2025

රිදීගම වැලි කෙළිය ජයටම. පොලිසියටවත් නවත්වන්න බැරිලු !

Must read

sandminingරිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ගංගාවලින් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම් විශාල වශයෙන් සිදුවන බවත්, පොලිසියට පවා ඒවා නතරකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටත් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සහ රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති එම්. එස්. පෙරේරා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා (19 දා ) පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘අපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුලේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩ දැමීම් තවමත් විශාල වශයෙන් සිදුවෙනවා. අවුරුදු දහයක් දොළහක් තිස්සේ විශාල ලොරි තියාගෙන දිවා රාත‍්‍රි නැතිව වැලි ගොඩදමනවා. මේවා කරන අයගේ නම් ගම් ඇතිවම මට ඕනෑ නම් හෙළිකරන්න පුලූවන්. උසාවි දාපුවාම ලොරි රාජසන්තක වෙනවා. ආයෙම ලොරි ගන්නවා. ආයෙත් වැලිම ගොඩදානවා. මේක නවත්වතින්නෙම නෑ. දවසකට වැලි කියුබ් තිහක් හතලිහක් විතර ගොඩදානවා. මේක මහා විනාශයක්. මෙතැනවෙලා තියෙන ප‍්‍රශ්නේ පොලිසියෙන් අල්ලන්න යනකොට ඊට කලින් වැලිකාරයින්ට පණිවිඩය යනවා. ඒ හින්දා මේවා අල්ලන්න බෑ කියලා ඕඅයිසී මහත්තයා කියනවා.’’යැයි පැවැසීය.

මෙහිදී අදහස් දැක් වූ රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති දයාසිරි ජයසේකර මහතා අදාල වැලි ගොඩදැමීම් පිළිබදව අවධානය යොමුකරන ලෙසට රිදීගම පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් අතර අදාළ වැලිගොඩ දැමීම්වල නීත්‍යානුකූලභාවය පිළිබදව සොයා බලා මීළග ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම වෙත වාර්තා කරන ලෙසට පතල් හා කැණීම් කාර්යංශය නියෝජනය කරමින් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වී සිටි නිලධාරියාටද දැනුම් දුන්නේය.

( ඡායාරූපය – අන්තර්ජාලයෙනි.)

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article