Friday, November 22, 2024

රැකියා විරහිත උපාධිධාරීන් කුරුණෑගල සත්‍යග්‍රහයත් අරගෙන කොළඹට යති.

Must read

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් වහා සකස් කරන ලෙසට සහ දැනට රැකියා නොමැතිව සිටින උපාධිධාරීන් සියඵ දෙනා ඔවුන්ගේ සුදුසුකම් අනුව රැකියාගත කරන ලෙසට බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් කුරුණෑගල ධර්මපාල උද්‍යානය ඉදිරිපිටදී ‍දින දාහතරක් තිස්සේ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය නවත්වා අද දහවල් එමඑම ස්ථානයෙන් ඉවත් වූහ.

සත්‍යග්‍රහය අවසන් කළ උපාධිධාරීහු දින දාහතරක් තිස්සේ තමන්ට සෙවණ දුන් තාවකාලික අට්ටාලය ඔවුන් විසින්ම ගලවා ඉවත් කළහ.

සත්‍යග්‍රහය අවසන් කිරීමට හේතු වූ කරුණු පිළිබදව ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු දුන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා , තම ප්‍රශ්නයට වයඹ පළාත් සභාවෙන් විසදුමක් ලැබෙන ආකාරයක් නොපෙ‍නෙන බැවින් සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බවත්, මෙම සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී හෙට දිනයේදී යළි ආරම්භ කරන බවත් පැවසීය.

අද පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටඵව පිළිබදව විශේෂ ප්‍රකාශයක්ද කළ අතර ඒ මහතා අද දහවල් උපාධිධාරීන් උපවාසය අවසන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එම ස්ථානයටද පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මෙම ස්ථානයේ පැවැති පැවැති සත්‍යග්‍රහය කොළඹදී පැවැත්වෙන බවට දැක්වෙන දැන්වීමක්ද උපාධිධාරීන් විසින් ධර්මපාල උද්‍යාන ගේට්ටුවේ එල්ලා ගොස් තිබේ.upawasya awasa_1 upawasaya_ awasan2 upawasaya_awasan3 upawasaya_awasan4 upawasaya_awasan5 upawasaya_awasan6

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article